අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

Date:

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයෙන් සොයා ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.

මෙම නිවස පිළිබඳ අනාවරණය වී ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධ මෙහෙයවූවන් අතර සිටි කුඩු නිලංගගේ සමීපතමයෙකු වන ඇඹිලිපිටිය සුරංග නැමැත්තා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කළ හෙළිදරව්වකට අනුවය.

එම සැකකරුගේ අනාවරණයට අනුව වැල්ලවාය කිරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සම්පත් බණ්ඩාර නම් පුද්ගලයෙක් පානදුර අරුක්ගොඩදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව හම්බන්තොට මයුරපුර නිවාස පිළිබද අනාවරණය වී ඇත.

එම ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවේ තමන් එහි රැඳී සිටි බවත් සැකකරු පොලීසියට පවසා තිබේ.

එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් පනස්දෙකක කෑන් 14ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගත් බවට සැකකරන තවත් උපකරණ රැසක් ද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.

එමෙන්ම එහි නවතා තිබුණු මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර එය දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කර ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරු පවසා ඇති අන්දමට ඉරාන ජාතිකයන් තිදෙනෙක් එම නිවසේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති අතර පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 14ක් පමණ කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට විකුණා ඇති බවද සඳහන්.

අදාළ ඉරාන ජාතිකයන් තිදෙනා මේ වනවිට රටින් පලාගොස් ඇති බවද අත්අඩංගුවේ පසුවන සැකකරු පවසා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...