ප්‍රතිංසස්කරණ කටයුතු වලින් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට හානියක් නෑ – විදුලිබල සහ බලශක්ති අමාත්‍ය

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW :

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් , සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිංසස්කරණ කටයුතු සිදුකරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටියේය.

මෙහිදී,අමාත්‍යවරයා විසින්, ලංකා විදුලි බල පනතේ සංශෝධන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැන්වත් කිරීමක් ද සිදුවිය.

විදුලිබල මණ්ඩලයේ 23,000කට ආසන්න සේවකයින් සංඛාවක් සේවයේ යෙදෙන බවත්, විදුලිබල මණ්ඩලයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ යටතේ  එම සියලුම සේවකයින්  මෙම ආයතන 04ට අනුයුක්ත කිරීම සිදු කරන බවත්, එම ආයතන 100%ක් රජය සතු කොටස් හිමි මහා භාණ්ඩාගාරය සතු සමාගම් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට සියලුම සේවකයින්ට මේ සම්බන්ධව දැනුම් දීමක් කර ඇතැයි කී අමත්‍යවරයා , යම් සේවකයෙකු මේ ආයතනවලට සම්බන්ධ වී සේවය කිරීමට අකමැති නම් ඔවුන්ට තමන්ගේ  කැමැත්ත අනුව සේවයෙන් ඉවත් වීමට හැකියාව තිබෙන බවද පැවසුවේය.

එය නීතිමය අවශ්‍යතාවක් මිසක් රජය , ලංකා විදුලිබල මණ්ඩලය හෝ අමාත්‍යංශය සේවකයින් ගෙදර යැවීමට ගත් උත්සහයක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසූවේ,

අපි මේ සංශෝධන නොකරානම් මේ ක්‍රියාවලිය තිබුණු විදිහලට තිබ්බා නම් අගෝස්තු 17 වෙනිදායින් පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12000ක් ගෙදර යවන්න තීරණය කරලා තිබුනේ. ඒක පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණවලින් ලැබිලා තිබුන දෙයක් ඒ වගේම ආයතන 12කට ලංකා විදුලිබල මණ්ඩලය කැඩෙන්න තීරණය කරලා තියෙනවා.

ඒ නිසා මම මෙම සේවකයින්ගෙන් අහන්න කැමති හැමෝටම ඔනා මේ තත්ත්වය තියෙන්නද? අපි ජනතාවගේ ආණ්ඩුවක් විදිහට මේ ඉන්න හැම සේවකයා ගැනම වග කියනවා . රටේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය සෑම කටයුත්තක්ම කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...