නිශ්මං රණසිංහ සැප්තැම්බර් 15, කොළඹ LNW:
ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී පිරිමි මැරතන් ඉසව්වේ තීරණය ෆොටෝ ෆිනිස් කැමරාව හරහා ලබා ගන්නට තරම් තියුණු අවසානයකින් යුක්ත විය.සාමාන්‍යෙයන් ලෝකයේ මැරතන් තරගයක ජයක් එවැනි තාක්ෂණික මෙවලම් ඇසුරෙන් සියුම්ව තීරණය කරන්නට වන්නේ නැත.මෙවැනි තත්ත්වයන් කෙටි දුර ඉසව්වලදි භාවිතයට ගැණුන ද දුර හා මැදි දුර ඉසව්වලදී ද අවශ්‍යය වන්නේ නැති තරම්ය..
එහෙත් කිසිවෙකු විශ්වාස කළ නොහැකි අන්දමේ තරග අවසානයකට ටැන්සානියාවේ අල්පොන්සෝ ෆෙලික්ස් සිම්බු සහ අමානල් පෙට්රෝස් පිරිමි මැරතන් තරගයේ අවසානය රැඟෙක ගියහ.එය විශ්මය දනවන අන්දමේ මැරතන් අවසානයක් කරමින් දෙදෙනාම පැය 02:09:48 න් තරගය නිම කරමින් රන් හා රිදී පදක්කම් බෙදා ගත්හ.කිලෝ මීටර් 42 ක් නිමාවේත් ජවසම්පන්ධ ධාවනයක යෙදෙමින් ජයග්‍රහණය පියවි ඇසින් තීරණය කිරීමට නොහැකිව කැමරාවට පවරන්න වූ අපූර්වත්වය අවසාන වූයේ රන් පදක්කම ටැන්සානියාවේ අල්පොන්සෝ ෆෙලික්ස් සිම්බු වෙත හිමි වෙමින්ය.රිදී පදක්කම ජර්මණියේ අමානෙල් පෙට්රෝස්ට හිිමි විය.
මේ දක්වා ලෝක මලල ක්‍රීඩා සූරතාවලියක ලෝකඩ පදක්කමක් මැරතන් ඉසව්වට දිනා සිටි සිමිබු මේ ජයග්‍රහණයෙන් ලෝකඩ පැහැය රන් පැහැයට හරවා ගැනීමට සමත් විය.පෙට්රෝස් යුරෝපීය මලල ක්‍රීඩා සූරතාවලියේදී මෙන්ම ලෝක ආරක්ෂක සේවා තරගාවලි වල පදක්කම් දිනා ඇතත් ලෝක මට්ටමෙන් ලද පළමු ජය මේ රිදී පදක්කම විය.
