හිටපු නාවික හමුදාපතිට එරෙහි අභියාචනා පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW :

පසුගිය සමයේ තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එම නඩුවෙන් ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් වූ තරුණයින්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) දින අවසර ලබා දුන් බව වාර්තා වේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා. ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම ජනවාරි මස 30 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය විසින් දින නියම කරනු ලැබූ බව සඳාහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...