සර්පයා ….

සංසාරයම තුඹසකි
චක්‍රාවාට භවනකි
වක්‍රාකාර උපතකි
ශිෂ්ඨාචාර හැව නැති

කම්පා විඳින පපුවකි
තම්බා බුදින වෙහෙසකි
එම්බා සර්ප දැහැනකි
නිම්මා නොමැති ගමනකි

ගංගා නිම්න මනසකි
වොල්ගා නදිය කවියකි
පෙම්මා වඩන සුසුමකි
ශෘංගාරයද දහමකි

මාරාවශේෂ ජොලියකි
පාරා වළලු සුළියකි
ජාගර කල්ප එළියකි
ධාරණ ගර්භ නිධියකි

වර්ෂා ඍතු දෙබසකි
සංකා ධාතු විඳිතැකි
ධාරානිපාත බැල්මකි
කාලාවකාශ වගුවකි

චිත්තාවේග රුවලකි
නිද්‍රා රහිත හබලකි
ඉස්පාසුවට ඉවුරකි
සප්පායමට උදුනකි

කෘන්තක දන්ත ඉඩ ඇති
අජටාකාශ හිදැසකි
නිර්වාණයට ලොබ නැති
උල්කාපාත රිදුමකි

ශ්‍රද්ධා රහිත බැඳුමකි
කට්ටම කෑව දැක්මකි
සක්වා ලිහිණි බැල්මකි
රික්තය දකින මිනිසෙකි

~ කුමාර හෙට්ටිආරච්චි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...