රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :
ශ්රී ලංකාවේ සුපිරි මලල ක්රීඩක රුමේෂ් තරංග ජාත්යන්තර ජයග්රහණ රැසක් ලබා ගැනීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණි අතර, හංගේරියාවේ සහ ස්විට්සර්ලන්තයේ පැවැති තරඟාවලි වලදී ලෝක වාර්තා පිහිටුවීමට ඔහු භාවිතා කළ හෙල්ල පහම මෙරටට රැගෙන ඒමේදී ගුවන් ගමනේදී විනාශ වී තිබීම විශේෂත්වයකි.
ඔහු අතිශය දුර්ලභ ලෙස අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා ද්විත්වයම ජයග්රහණය කරමින් ලෝක හෙල්ල විසිකිරීමේ ඉසව්වේ තම අණසක පැතිරවීමට සමත්ව සිටී.
එලෙස ජයග්රාහී මාවතක සිටි ඔහු අද(15) අලුයම තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බව එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, ක්රීඩකයාට අත්යවශ්ය වූ මෙම ක්රීඩා උපකරණ වලට හානි සිදුවීම ඉතා සැක සහිත මෙන්ම අවාසනාවන්ත තත්ත්වයක් වේ.
ඔහු ලෝක මට්ටමේ දක්ෂතා දැක්වූ හෙල්ල ද මේ අතර වීම දැඩි අවධානයට ලක්ව තිබේ.
ගුවන් ගමන අවසානයේදී එම හෙල්ලවලට හානි සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබේ.


