රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අනාවරණය වේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මුවාවෙන් තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඔවුන් ඉදිරිපත් කළ පෙත්සමකට අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් සිදුකළ මෙම නඩු විභාගයේදී පෙත්සම්කරුවන්ට වන්දි ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා යන නිලධාරීන් විසින් මෙම වන්දි මුදල් ගෙවිය යුතුය.
මෙමගින් තහවුරු වන්නේ නීතිය අවභාවිත කරමින් සිදුකරන අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව අධිකරණය ලබාදුන් තීරණාත්මක යුක්තිය පසඳලීමකි.



