ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුවට දින නියම කෙරේ

Date:

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කර බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු වීම හේතුවෙන් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බව පවසමින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඕෂල හේරත් විසිනි.

මෙම පෙත්සමේ විභාගය ඊයේ (14) අවසන් කෙරුණු අතර එහි තීන්දුව ලබන මස 18 වෙනිදා ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...