*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ජාතික ජන බලවේගය හැර ජනතාවට වෙන විකල්පයක් නැහැ – ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න

කොළඹ LNW:2024 ජනාධිපතිවරණ ජන්ද විමසීමේ පූර්ව ප්‍රචාරක කටයුතුවල අවසන් අදියර ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වන විට මැතිවරණ වේදිකාව ඉතා උද්වේගකර ලෙස ඉදිරියට ඇදෙමින් තිබෙන අතර වෙනදාට වඩා ජනතාවද ජන්දය ප්‍රකාශ කිරීමට තිබෙන එළඹෙන 21 වැනිදා තෙක් යම් නොයිවසිලිමත්භාවයකින් සිටින අයුරු දැක ගත හැකියි. එපමණටම මෙවර ජනාධිපතිවරණ උණුසුම් වී තිබෙන අතර ජනතා අභිලාෂයන් එහිදී ප්‍රමුඛ වී තිබෙනවා. මහජන අරගලයකින් පසු ඓතිහාසික ලෙස රටේ දේශපාලනය වෙනස් වීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස කේන්ද්‍රීයව පවතින මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී වී තිබෙන පසුබිමක පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සමඟ කෙටි සාකච්ජාවක් සිදු කළා. මේ එම සාකච්ජාවේ සටහනයි.

2024 ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතු මේ වෙද්දී අවසන් අදියරේ තිබෙන්නේ. සමාජය දිහා බැලුවහම ඓතිහාසික ලෙස වෙනස්වීමට සූදානම් බවක් පෙන්නුම් කරමින් තිබෙනවා. මේ ජන අවදිවීම ගැන ඔබ හිතන්නේ කොහොමද?

ඇත්තටම මේක එකපාරට වෙච්ච දෙයක් නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් සිදුවූ වෙනසක්.විශේෂයෙන්ම තරුණයින්ට තේරී ගියා අපි මුහුණ දී සිටින ආර්ථික ආගාධයත්,නීතියේ ආධිපත්‍ය කඩා වැටීමත්,දේශපාලනිකව අපි ගත්ත වැරදි තීරණ නිසාත් වෙච්ච දෙයක්. ඒක පුපුරලා එළියට ආවේ 2022 ජන නැගිටීමත් එක්ක. මේ තරුණයෝ ඇත්තටම කිව්වේ මොකක්ද? සිස්ටම් චේන්ජ් එකක් ගැන ඔවුන් කතා කළේ.මොකද දැන් තියෙන සිස්ටම් එක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. දැන් තියෙන සිස්ටම් එක දූෂිත වෙලා තියෙන්නේ. ඒක කවුරුවත් කීවේ නැහැ. එය අත්විදින්න සිද්ධ වුණා. පාස්පෝට් එකක් ගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න වුණා. ගෑස් එකක් ගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වුණා. තෙල් ටික ගන්න,කිරිපිටි ටික ගන්න පෝලිමේ ඉන්න වුණා. මේක මේ ළමයින්ට ජීවිතේ මහා අමුතු අත්දැකීමක්. ඒගොල්ලෝ හිතන්න පටන් ගත්තා ඇයි මෙහෙම වුණේ කියල. 1948 ඉදන් මේ වෙනකන් හිටපු පාලකයෝ දුෂිතයි,වංචා කළා,හොරා කෑවා නමුත් මිනිස්සු මේ ගැන අවදි වෙලා සොයා බැලීමක් කළේ නැහැ. මොකද මිනිස්සු හිතුවේ නැහැ මේ හොරකම් කරන්නේ තමුන්ගේ සල්ලි කියල. ඒක මිනිස්සුන්ගේ හදවතට දැනුනේ මේක අන්තිමට ගිහිල්ලා පුපුරා යන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ තමයි. ඒකයි වුණේ. මම දකින්නේ මේක එකපාර සිද්ධ වුණේ නෑ. අන්තිම කරුණු ටික වේගවත්ව සිදුවුණා පසුගිය කාලෙය්දී. මොකද දීර්ඝ කාලීනව දේශපාලනිකව ගත්ත වැරදි තීරණ නිසා දැන් තරුණ පරම්පරාව බලපොරොත්තු වෙන්නේ තොරව ඉන්න කණ්ඩායමක්. දැන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රටට ආදරය කරන කණ්ඩායමක්,ආර්ථිකය ගොඩනංවන ක්‍රියාවලියේදී කැපකිරීම් කරන්න පුළුවන් කණ්ඩායමක්. මේ කරුණු දිහා බැලුවහම වෙන කිසිම තෝරාගැනීමක් නැහැ. ජාතික ජන බලවේගය තමයි එතනට සුදුසු.

යුක්තිගරුක,සාධාරණ,නීතියේ ආධිපත්‍ය තහවුරු වුණු සමාජයක අවශ්‍යතාව ජනතාව විසින්ම තහවුරු කර තිබෙන පසුබිමක ඔබ නියෝජන කරන මාලිමා කඳවුරට ඊට ඇති හැකියාව සහ මාලිමාවට ඒ වෙනුවෙන් ඇති වුවමනාව ඔබ දකින්නේ කොහොමද?

ඉතාමත් පැහැදිලියි. ඔවුන් ඇත්තටම අවංකයි. ඔවුන්ගේ හැම ක්‍රියාවක්ම, හැම කාර්යයක්ම, හැම සැලසුමක්ම විනිවිදභාවයකින් යුක්තයි. අදුරු පැතිකඩක් නැහැ. ඕනෑම දෙයක් ගැන අදහස් හුවමාරු කිරීමට කරුණු දැක්වීමට අවස්ථාව තියෙනවා. අනිත් කාරණය තමයි ඔවුන්ගේ සැලසුම මහ පොළවේ යතාර්ථයක්. සරුවපිත්තල වචනවලින් හදපු සැලසුම් නෙවෙයි තියෙන්නේ. මතකනේ අපි කාලයක් ආසියාවේ ආශ්චර්ය පස්සේ ගියානේ. ආසියාවේ ආශ්චර්ය වෙන්න කලින් අපි ණය ගෙවල නිදහස් වෙන්න අවශ්‍යයි. ඒ ගැන හිතන්නේ නැහැනේ. ඒ අනුව ගත්තම මේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම ණය ගෙවන ආකාරය, නිෂ්පාදන ආර්ථිකය ගොඩනංවන්නේ කොහොමද? රාජ්‍ය පාලනය කරන්නේ කොහොමද? කියන එක ඔවුන්ගේ ක්‍රියාවෙන් ඔපු කරලා තියෙනවා. ඔවුන් බොහොම අරපරිස්සමින්, සැලසුමකට, ඔවුන්ගේ වියදම් පාලනය කරගෙන යන කණ්ඩායමක්. ඒ කැපවීම, ආදර්ශය ඔවුන්ගේ චරිත තුළම තියෙනවා.

ඔබ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලෙස කටයුතු කළ කෙනෙක්. දුෂිත දේශපාලන සංස්කෘතියේ බලපෑම ගැන ඔබට බොහෝ අත්දැකීම් ඇති. මෙතෙක් කාලයක් මේ රටේ දේශපාලනය තුළ වුණේ ජනතා අභිලාෂයන් නියෝජනය කිරීම වෙනුවට සිදු වුණේ එහි ප්‍රතිවිරුද්ධ දේ. ඒ අනුව මේ මොහොතේ ජාතික ජන බලවේගය ජනතා අභිලාෂයන් ඉටු කරන එකම විකල්පය බවට ඔබට සහතික විය හැකිද?

ඔව් පුළුවන්. මොකද විකල්ප කණ්ඩායම් ගණනාවක් තියෙනවනේ. කොළපාට,නිල්පාට,කහ කොළ පාට ඔය වගේ. ඒ අය නියෝජනය කරන්නේ කවුද? ඒ අතර මහා බැංකුව කඩපු අය නැද්ද? පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන අය ආරක්ෂා කරන අය එතන නැද්ද? මහා පරිමාණ දුෂණවලට සම්බන්ධ අය,ඒවාට සම්බන්ධ ගෝලබාලයින් එතන නැද්ද? ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියාවලට,මිනීමැරුම්වලට සම්බන්ධ අය නැද්ද? ඔය පිරිස්නේ ඔය කොළ, කොළ කහ ඇතුළු අනෙකුත් කණ්ඩායම්වල ඉන්නේ. ඒ අය තවදුරටත් මේ රට කරයි කියන විශ්වාසය කොහොමද තියන්නේ. දැන් අපි ගම්පහ ගත්තොත් එම ප්‍රදේශයේ දේශපාලඥයෙකුට ඉඩමක් සම්බන්ධයෙන් බලයෙන් මුදල් ගත්ත කියල වැරදිකාරයා වුණා. ආපහු එයාට බලය හම්බුණොත් එයා අර කලින් කරපුවා නොකර ඉදියිද? අනිත් පැත්තට මිනී මරුම්වලට සම්බන්ධ අය ඒ කඳවුරුවල ඉන්නවා. ජෝසප් පරරාජසිංහම් ඝාතනය කරපු පුද්ගලයා පස්සේ මන්ත්‍රීවරයෙක් වුණා. ඔහු චුදිතයෙක් වුණා. සාක්ෂි තියෙද්දී නඩුවෙන් නිදහස් වුණා. නමුත් පස්සේ මන්ත්‍රීවරයෙක් වුණා. ඇමතිවරයෙක් වුණා. අදත් ඉන්නවා ඇමතිවරයෙක් විදිහට. ඉතින් ඔවුන් නැවත බලයට පත්වුණොත් ඒ ඝාතනය සංස්කෘතිය යළි එන්නේ නැතිවෙයි කියල කොහොමද කියන්නේ. ඔවුන් ඒවා නොකර ඉදියිද?

අපි සිටින්නේ ඓතිහාසික දේශපාලන තීන්දුවක් ගැනීමේ අභියස. නැගිටුවන්න තියෙන්නේ බංකොලොත් රාජ්‍යයක්. බලාපොරොත්තු බිඳවැටුණු සමාජයක්. මෙතැනදී ජනතාවගේ සහභාගීත්වය කොයි ආකාරයෙන් වෙන්න ඕනේ කියලද ඔබ හිතන්නේ?

ඇත්තටම මේ රටේ කඩා වැටීමට,ආර්ථික ආගාධයට පත්වීමට,දේශපාලකයින් පමණක් වගකිව යුතු නැහැ. ජනතාවත් වගකිවයුතුයි. ඔවුන්ගේ නිහඬතාවය විසින් තමයි දුෂිතයින්ට,වංචනිකයින්ට අවස්ථාව හිමිවෙන්නේ. පුරවැසියා කියන කෙනා බලපෑම් සහගත කෙනෙක් වෙන්න ඕනේ. දුෂණ,වංචාවලදී, අපරාධවලදී පළමුවෙන්ම හඬ එන්න ඕනේ පුරවැසියාගෙන්. මොකද ඒක ඔහුගේ අයිතියක්. ඒ අයිතිය ක්‍රියාත්මක නොකරන තාක්කල් දුෂිතයින්ට,වංචාකරුවන්ට අනීතික ක්‍රියා කරගෙන යන්න ඉඩ ප්‍රස්ථාව දෙනවා. ඒ නිසා පුරවැසියාට තියෙන අයිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ වෙද්දී ජනතාව ඒක තේරුම් අරන් ඉන්නේ. තමන් කරපු වැරැද්ද ගැන පසුතැවිල්ලක ඉන්නේ. මගේ සංචාරවලදී මිනිස්සු අපි එක්ක කියනවා ඒ ගැන. ඔවුන් පසුතැවෙනවා ඒ නිහඬ වීම ගැන. ඒ නිසා ජන බාලය කියන්නේ ජනතාව සතු දෙයක්. මුදල් කියන්නේ ජනතාව සතු දෙයක්. නමුත් පහුගිය කලේ වුණේ ඔය කරුණු දෙකේ අයිතිය තමන් සතුයි කියන එක විශ්වාස කරලා එය තහවුරු කරගත්තේ නැහැ. මිනිස්සු හිටියේ උදාසීනව. ජනතාවගේ මුදල් අවභාවිත කරනකොට, රටේ සම්පත් අවභාවිතා කරන කොට තමන්ගේ බලය නේද අවභාවිතා කරන්නේ කියල කල්පනා කරලා ඒ වෙනුවෙන් නැගී හිටියේ නෑ. නීතියේ තියෙනවා මහජනතාව සතු පරමාධිපත්‍ය බලය තමයි පාර්ලිමේන්තුව හරහා නීති බවට පත්වෙලා ක්‍රියාත්මක කරන්න බලධාරීන්ට දෙන්නේ. මිනිස්සු ඒ ගැන විශ්වාස කරලා මේ බලය දෙන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කරයි කියන විශ්වාසයෙන්. එය සාධාරණව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මහජනතාවට සිද්ධ වෙනවා ඒ බලය අරන් වෙන කෙනෙකුට දෙන්න. මෙතෙක් කල් මේ රටේ මහජනතාව ඒ කටයුත්ත කළේ නෑ. ඒකයි අපේ රටේ වෙච්ච් ලොකුම වැරැද්ද.

දේශපාලන සංස්කෘතියේ සම්පූර්ණ වෙනසක් වෙනුවෙන් ජනතාව සූදානමින් සිටින විට ජනතාව නොමඟ යැවීමේ උපාය උපක්‍රම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පේන්න තියෙනවා. භීෂණය කියන කාරණය ජන මනසට කාන්දු කරමින් ඉන්නවා. රටේ ආරක්ෂාව කියන කාරණයේදී ඒ සම්බන්ධයෙන් ඔබට සෘජු සම්බන්ධයක් තියෙනවා. 21න් පස්සේ එවැනි භීෂණයක්,කලබලයක් ඇති වෙන්නේ නෑ කියන සහතිකය ගැන දෙගිඩියාවක් නෑ නේද?

    ජාතික ජන බලවේගය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක්. කිසිම ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යන්නේ නැහැ. ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන්. ඔය කාරණය ගැන මේ දවස්වල විවිධ අසත්‍ය ප්‍රචාර යනවා. එයින් එක දෙයක් පැහැදිලියි. පල ඇති රුකටයි ගල් ගහන්නේ කියල කතාවක් තියෙනවනේ. ජාතික ජන බලවේගය කියන්නේ මේ වෙද්දී ඉතාම ශක්‌තිමත් කණ්ඩායමක්. මැතිවරණ ව්‍යාපරය තුළ ඔවුන් ඉහළින්ම ඉන්නේ අනිත් අයට කිට්ටු වෙන්නවත් බෑ.ඒ නිසා ප්‍රතිවාදීන්ට කළ හැකි මඩ ප්‍රචාර ඇතිවෙන්න පතුරුවමින් ඉන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගයට වරද පැටවීමේ අභිලාෂයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා නිර්මාණය කරයි. නමුත් කිසිලෙසකින්වත් ජාතික ජන බලවේගය ප්‍රචණ්ඩත්වයට යන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරලා එය ජාතික ජන බලවේගයට බැර කිරිඑම් උත්සාහයන් අනන්තවත් තියෙනවා. මම මේ වෙලාවේ ජනතාවට කියන්නේ ඒ ගැන හරියට දැනුවත් වෙන්න. විමසිලෙන් ඉන්න. මොකද ජාතික ජන බලවේගය කිසිලෙසකින්වත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුවීමක් වෙන්නේ නැහැ. ඒ සහතිකය මට දෙන්න පුළුවන්.

    ආශිකා බ්‍රාහ්මණ

    Latest Posts

    spot_img

    දේශපා

    Don't Miss

    eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan