මෙණ්ඩිස්ලා මාරු වෙයි – ඔෂධටත් ඉඩක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 16, (LNW) කොළඹ :

හෙට ඇරඹෙන නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිඳු විය හැකි බව වාර්තා වෙනවා.එහිදී පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් සිටි කුසල් මෙණ්ඩිස් අංක හය හෝ හත දක්වා පහතට ගෙන කඩුලු රැකීමේ වගකිම පැවරීමට තීරණය වී ඇති බවත්,ලකුණු අතර සිටින කමිඳු මෙණ්ඩිස් පිතිකරණ ලැයිස්තුවේ ඉහළට ගැනීමටත් අපේක්ෂා කරන බව එම වාර්තා පෙන්වා දෙනවා.


එසේම දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් සිටි ඔෂධ ප්‍රනාන්දු ද කණ්ඩායමට කැදවා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. පළමු නිල නොවන ටෙස්ට් තරගයේ වීරයා වෙමින් දකුණු අප්‍රිකානු පරාජයට පාර කැපූ ඔෂධ ඊයේ ඇරඹි දෙවන නිල නොවන ටෙස්ට් තරගයට ඇතුළත් නොකර නැවත ලංකාවට එවා තිබීමෙන් ඔහුටද නවසීලන්තයට එරෙහිව නැඟෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩක් වෙන් වීමට ඉඩ තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...