මෙණ්ඩිස්ලා මාරු වෙයි – ඔෂධටත් ඉඩක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 16, (LNW) කොළඹ :

හෙට ඇරඹෙන නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිඳු විය හැකි බව වාර්තා වෙනවා.එහිදී පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් සිටි කුසල් මෙණ්ඩිස් අංක හය හෝ හත දක්වා පහතට ගෙන කඩුලු රැකීමේ වගකිම පැවරීමට තීරණය වී ඇති බවත්,ලකුණු අතර සිටින කමිඳු මෙණ්ඩිස් පිතිකරණ ලැයිස්තුවේ ඉහළට ගැනීමටත් අපේක්ෂා කරන බව එම වාර්තා පෙන්වා දෙනවා.


එසේම දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් සිටි ඔෂධ ප්‍රනාන්දු ද කණ්ඩායමට කැදවා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. පළමු නිල නොවන ටෙස්ට් තරගයේ වීරයා වෙමින් දකුණු අප්‍රිකානු පරාජයට පාර කැපූ ඔෂධ ඊයේ ඇරඹි දෙවන නිල නොවන ටෙස්ට් තරගයට ඇතුළත් නොකර නැවත ලංකාවට එවා තිබීමෙන් ඔහුටද නවසීලන්තයට එරෙහිව නැඟෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩක් වෙන් වීමට ඉඩ තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...