අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජීවිතය දීප්තිමත් කළ ‘දීප්ජ්‍යෝති’

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සෙනසුරාදා(14) දිල්ලියේ ලොක් කල්‍යාන් මාර්ග් හි පිහිටි ඔහුගේ නිවසට පැමිණී පවුලේ නව සාමාජිකයකු පිළිබඳව නිවේදනය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිවසට අලුතින් එකතු වී ඇත්තේ එම පරිශ්‍රයේ දැනටමත් ජීවත් වන එළදෙනකුට දාව උපත ලැබූ නළලේ විශේෂ සලකුණක් සහිත නිරෝගී පුංගනුර් වසු පැටියෙකි. ඔහු නමින් ‘දීප්ජ්‍යෝති’ ලෙසට නම්කර තිබු අතර ‘දීප්ජ්‍යෝති’ සමඟ අගමැති මෝදිගේ ජීවිතය දීප්තිමත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,

සතුන්ට කරුණාව දැක්වීම සම්බන්ධයෙන් වඩාත් ජනප්‍රිය අගමැති මොදී සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුණේ, “ලොක් කල්‍යාන් මාර්ග් හි පිහිටි අගමැති නිවාස පවුලට නව සාමාජිකයකුගේ සුබ ගමනක් සිදුව තිබේ.අගමැති නිවහනේදී ආදරණීය එළදෙනක් නළලේ ආලෝකයේ සංකේතයක් සහිත නව පැටවෙකු බිහිකර ඇත. ඒ නිසා මම එය ‘දීප්ජ්‍යෝති’ ලෙස නම් කළා” යනුවෙනි.

ඉන්දියාවේ එළදෙනක් සිටීම ඉතා වැදගත් වන අතර එළදෙනුන් ඇති දැඩි කිරීම සමෘද්ධිය, දයාව සහ වාසනාව ගෙන දෙන බව විශ්වාස කරන අතර පුංගනුර් ගවයෙකු හිමිකර ගැනීම කීර්තියේ සංකේතයක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...