ගාසාව ගැන Sigrid Kaagගේ අනුවේදනීය වාර්තාව!

0
384

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරය, ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට පත්ව ඇති බව, ගාසා තීරයේ ආධාර හා ප්‍රතිසංස්කරණ අධීක්‍ෂණය කරන එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය වන Sigrid Kaag පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර ප්‍රජාව සාමූහිකව ගාසා තීරයේ සිටින අහිංසක සිවිල් වැසියන්ගේ බලාපොරොත්තු සුන් කරවන බව ඇය පවසා ඇත.. ඇය අද (16) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ඉතා ඛේදනීය එකක් වනු ඇති බව වාර්තා වේ. ගාසා තීරයේ තත්ත්වය ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිළධාරිනිය පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විට ගැටුම් හේතුවෙන් ගාසා හි පුද්ගලයන් 41 206 දෙනෙකු මියගොස් තවත් 95 337 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.