Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

Date:

සටහන – පුලී

සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත් කරමින් ලොස් ඇන්ජලීස් හි පීකොක් රඟහලේදී පැවති 77 වන Emmy සම්මාන උළෙල අති සාර්ථක අන්දමින් පැවැත්වීය.

විශාල ජයග්‍රාහකයින් පිරිසක් අතුරින් සම්මාන හයක් සමඟින් නෙට්ෆ්ලික්ස් හි ජනප්‍රියම චිත්‍රපටය වූ Adolescence කාගේත් ඇහැ ගැටුණු තැනක් වීය. එහි සිය රංඟනයෙන් දායක වූ 15 හැවිරිදි Owen Cooper, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස ඉතිහාසයට එක් විය.


ජයග්‍රහණ නවයක් ලබා ගැනීමෙන් පසු, Emmy සම්මාන උළෙලේදී වැඩිම සම්මානලාභී ප්‍රහසනය ලෙස ඉතිහාසයට එක්වෙමින්, හොඳම ප්‍රහසන මාලාව ඇතුළුව සම්මාන හතරක් ඇපල් ටීවී+ හි The Studio දිනා ගැනීමට සමත් විය.

HBO Max හි The Pitt චිත්‍රපටය The White Lotus සහ Severance වැනි ඉහළම තරඟකරුවන් අභිබවා යමින් හොඳම කතා මාලාව ඇතුළුව සම්මාන තුනක් දිනා ගන්නා ලදී. නාට්‍ය මාලාවක හොඳම සහය නළුවා සඳහා Emmy සම්මානය දිනාගත් පළමු කළු ජාතික නළුවා බවට Severance හි Tramell Tillman පත්විය.

ස්ටෑන්ඩ්-අප් විකට නළුවෙකු වන නේට් බාර්ගට්සේ මෙම වැඩසටහන මෙහෙයවූ අතර, වැඩසටහන නව ප්‍රවේශයකින් ආරම්භ කළේය. ඔහු ඇමරිකාවේ Boys & Girls Club සඳහා ඩොලර් 100,000 ක් වෙන් කළ අතර, කථාවක් තත්පර 45 ට අඩු සෑම තත්පරයකටම මුළු මුදලට ඩොලර් 1,000 ක් එකතු කරන බවත්, පිළිගැනීමේ කතාවක් තත්පර 45 ඉක්මවන සෑම තත්පරයකටම ඩොලර් 1,000 ක් අඩු කරන බවත් පැවසීය.

කාගේත් අවධානයට නතු වූ නෙට්ෆ්ලික්ස් හි බිහිසුණු සීමිත කතා මාලාවක් වන Adolescence මෙම වසරේ Emmy සම්මාන උළෙලේ නම් දැරූ කතා මාලාවක් විය.

ඒ වෙනුවෙන් පිලිප් බැරන්ටිනි සම්මානය ලැබීමත් සමඟ Adolescence හි ජයග්‍රාහී රේඛාව ආරම්භ විය. ඉන්පසු සම-නිර්මාපකයින් වන ජැක් තෝර්න් සහ ස්ටීවන් ග්‍රැහැම් හොඳම රචනයට හිමි ජයග්‍රහණය ද දිනා ගත්හ.

Adolescence රංගන සම්මාන තුනක් ද ලබා ගත් අතර වැඩසටහනේ රංගනයට පිවිසි ඕවන් කූපර් වයස අවුරුදු 15 දී, Outstanding Supporting Actor සමමානය ජයග්‍රහණය කළ ලාබාලතම පිරිමි රංගන ශිල්පියා වීමම අගනේය. එම නිර්මාණයෙහි තෙවන කථාංගයේ ඔහුගේ දර්ශන සහකරු වන එරින් ඩොහර්ටි Outstanding Supporting Actress ලෙස ද Outstanding Lead Actor ලෙස ග්‍රැහැම් ද සම්මානකරුවන් වීය.


පසුගිය සතියේ Creative Arts Emmys සම්මාන උළෙලේදී කැමරාකරණය සහ රංගනය වෙනුවෙන් Adolescence චිත්‍රපටයට එමී සම්මාන පිරිනමන ලදී. එය සමස්තයක් ලෙස එමී සම්මාන අටක් රැස් කළ අග්‍රගන්‍යයේ නිර්මාණයක් බවට මේ සිදුවීම් හොඳම උදාහරණයකි.

Images : Internet

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...