තුසිත දිව්‍යලෝකෙ ලඟටම ගිහින් ආවා වගේ – නෙළුම් කුලුනට නැගපු භික්ෂූන් කියයි

Date:

නෙළුම් කුලුන ඊයේ දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වූ අතර පළමු දිනයේදීම විශාල ප්‍රමාණයක් එය නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ නෙලුම් කුලුනේ උඩට ගියපසු මානසික ආතතිය දුරු වූ බවයි. ඊට හේතුව නෙළුම් මලෙන් සංකේතවත් වන්නේ බුදුරජාණන් වහන්සේ නිසා බවයි එම භික්ෂූන් වහන්සේ පෙන්වා දෙන්නේ.

‘කොටින්ම කියනව නං තුසිත දිව්‍යලෝකෙ ලඟටම ගිහින් ආවා වගේ හැඟීමක් තමයි නෙළුම් කුලුනට නැගලා බැස්සම දැනෙන්නෙ’ යනුවෙන් එම භික්ෂූන් වහන්සේ සිය අත්දැකීම විස්තර කර තිබේ.

මානසික සතුටට අමතරව දැනුම හා විනෝදය ලබාගත හැකි බවද පෙන්වා දෙන එම භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය අපවිත්‍ර නොකර ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...