*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ, සමීක්ෂණයකින් හෙළිවෙලා!

සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා දක්වන පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, ඔවුන් අපරාධකරුවන් බවට පත්කරන නීතිවලට රටේ සියයට 72 ක පමණ පිරිසක්ම එකඟ නොවන බව දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය (Westminster Forum for Democracy) විසින් සිදුකරන ලද එම සමීක්ෂණය හරහා අනාවරණය කර තිබෙන්නේ, සෑම පුද්ගලයන් 04 දෙනෙකුගෙන් ම 03 දෙනෙකු මෙවන් නීති වලට සහාය නොදක්වන බවයි.

මෙම සමීක්ෂණය දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය කෙරෙන පරිදි සිදුකර ඇති අතර, එය මහජන අදහස් සහ ඔවුන්ගේ හැඟීම් නිවැරදිව පුරෝකථනය කරන ජාත්‍යන්තර නිර්ණායක වලට අනුව සිදුකර ඇති බව සඳහන්.

එමෙන්ම, මෙකී සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ගෙන් සියයට 51.4 ක් ම සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් වැඩදියුණු කරන නීතිවලට සහාය දක්වන බව ද පවසා තිබීම විශේෂත්වයකි. මෙම තත්ත්වය විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවන්ගේ ප්‍රධාන සටන් පාඨය වන නිර්සාපරාධීකරණය (decriminalisation) ද අභිබවා යන්නක් බව මින් පැහැදිලි වේ.

තවද, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු රටේ ජනාධිපති වනු දැකීමට තමාගේ කිසිඳු අකමැත්තක් නොමැති බව ද ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 48 ක් පවසා තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් කෙරේ සමාජය තුළ ගොඩනැඟෙන පිළිගැනීමේ අතිවිශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව පැහැදිලි ය.

සමීක්ෂණයට පෙනී සිටි පුද්ගලයන් අතර, බෞද්ධ සහ හින්දු ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් අතර විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට දක්වන සහායේ කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම්කරන අතර, ක්‍රිස්තියානි භක්තික පුද්ගලයන් අතර ද එය සාධාරණ ලෙස ඉහළ මට්ටමක පවතී.  

මීට සති කිහිපයකට ඉහත දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරමින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් කරන නීති ‘සංශෝධනය’ කරන මෙන් ඉල්ලා සිටි අතර, ඊට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ ඊට තම රජය විරුද්ධ නොවන බවත්, මෙම යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ඇති බවත් ය.

තව ද, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු ‘එක රටක් – එක නීතියක්’ ජනාධිපති කොමිසම ඔස්සේ ද විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීති වෙනස් විය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

මීට අමතරව, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න විසින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන වෛකල්පිත මනෝචිකිත්සාවක් වන ‘පරිවර්තන චිකිත්සා’ හෙවත් කන්වර්ශන් තෙරපි (Conversion Therapy) තහනම් කිරීමට නීතියක් හඳුන්වා දෙන මෙන් ඉල්ලා යොමුකළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත වූයේ ඉකුත් මාර්තු මස ය.

එමෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (1) (2) වගන්ති යටතේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් ආරක්ෂා වන බවත්, පවතින නීතිය යටතේ ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවත්, 2014, 2017 සහ 2019 යන වර්ෂ යනාදී වශයෙන් පිට පිට අවස්ථා තුනකම ප්‍රකාශ කර ඇත. ඊට අමතරව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අදාළව ඉකුත් මාර්තු මස එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු අන්දමේ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දමන කමිටුවේ දී (UN Committee on the Elimination of All Forms of Discrimination Against Women: CEDAW) සමරිසි කාන්තාවන්ට වෙනස්කොට සැලකීම් සිදුකිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට විනිශ්චය වූ අතර, මීට රජය පාර්ශවයෙන් සහභාගී වූ නිතිපති දෙපාර්තමේන්තුව එහිදී ප්‍රකාශ කර සිටියේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීතියක් ශ්‍රී ලංකාවේ නොමැති බවත්, එසේ පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් ය.

තව ද ශ්‍රී ලංකාවේ මනෝවෛද්‍යවිද්‍යාව පිළිබඳ ඉහළතම විද්‍යායතනය වන ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists: SLCP) විසින් 2018 සහ 2021 යන වර්ෂ වල විවිධ ලිංගික අනන්‍යතා පුද්ගලයන් අතර දක්නට ලැබීම සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක් බවත්, එය මානසික රෝගී කාණ්ඩයට ඇතුළත් කළ නොහැකි බවත් පවසා ඇත. එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත ජාතික ඒඩ්ස් නිවාරණ වැඩපිළිවෙලේ (National STD/AIDS Control Programme: NSACP) 2018 – 2022 ජාතික ක්‍රමෝපායික සැලැස්ම (National Strategic Plan for HIV Prevention) හරහා පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි (Men who have Sex with Men: MSM), සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීමට රටේ පවතින දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ ප්‍රතිපාදන ප්‍රධාන බාධාවක් වී ඇති බවත්, මෙම ප්‍රතිපාදන සංශෝධනය කිරීමට රජය ට බලකර සිටින බවත් පවසා ඇත.

මෑත දින ලංකාදීප, ඩේලිමිරර් ඇතුළු පුවත්පත් නොමිලේ නීති සහාය සපයන අයිප්‍රෝබෝනෝ (iProBono) සංවිධානය සමඟ එක්ව දියත් කළ ‘එකට එක්ව’ (Better Together) නම් ව්‍යාපාරයට ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය චරිත සම්බන්ධ වී විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට තම සහාය පළකර සිටි අතර, මීට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, ජනප්‍රිය සංගීතඥ ගායිකා උමාරියා සිංහවංශ, ඇතුළු පිරිසක් සභභාගී වී සිය අදහස් ප්‍රකාශ කර සිටියහ.

සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් නීතිය ඉදිරියේ අපරාධකරුවන් කරන මෙම නීති වෙනස්විය යුතු බවට ශ්‍රී ලාංකිකයන්ගෙන් හතරෙන් තුනක් ම පාහේ විශ්වාස කරන පසුබිමක, රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයතන මීට සහාය දක්වන පසුබිමක, පාර්ලිමේන්තුව තුළින්ම මේ වෙනුවෙන් හඬක් නැඟෙන පසුබිමක, උක්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවේද යන පැණයට තවමත් පිළිතුරක් නැත.

සංස්කාරක (LGBTIQ)

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan