මෛත්‍රීට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන ඔක්තෝබර් 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (16) හිටපු ජනාධිපතිවරයා වෙත මෙම නියෝගය ලබා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා අධිකරණය වෙත කැඳවා තිබෙන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාලවයි. ප්‍රහාරය හේතුවෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට එවකට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසමත්වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා සිරිසේන මහතා අධිකරණය හමුවට කැඳවා ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

ඊජිප්තුවේ ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත කෙරේ, ටූටන්කාමුන්ගේ සොහොන සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව විශාලතම...