මෛත්‍රීට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන ඔක්තෝබර් 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (16) හිටපු ජනාධිපතිවරයා වෙත මෙම නියෝගය ලබා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා අධිකරණය වෙත කැඳවා තිබෙන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාලවයි. ප්‍රහාරය හේතුවෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට එවකට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසමත්වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා සිරිසේන මහතා අධිකරණය හමුවට කැඳවා ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...