ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ මහතා දැන් සිටින්නේ දෑස් බැඳගෙන බවත් ඒ මහතාගේ පාලනය තුළ රටට සිදුවන විනාශය අනුව ඒ බව පැහැදිලිව පෙනෙන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්‍ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රශ්නය – කොහොමද ඔබතුමන්ලාගේ රැලිය සාර්ථකද එදා ?

“රැලියේ සාර්ථකත්වය පේනවානෙ. අහන්න දෙයක් නෑනෙ”

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියනවා එතුමා දැන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඇස් බැඳගෙනලු ඉන්නෙ, කිසිදෙයක් පේන්නෙ නැහැලු ?

“එයාට කිසිදෙයක් පේන්නෙ නෑ, ඇස් බැඳගෙනම තමා ඉන්නෙ. රට පාලනය කරන විදිහෙන් පේනවා. එයාම කියපු එක හොඳයි. එයාගෙ ඇස් පේන්නෙ නෑ කියලා මිනිස්සු දන්නවා, කනුත් ඇහෙන්නෙ නෑ කියලා. ඒක පේනවා කරන වැඩවලින් රටේ විනාශය. එතුමාට දැන් පොලොන්නරුවේ කියපු එක මතක නෑ අනුරාධපුරේ. අනුරාධපුරේ කියන එක පොලොන්නරුවේ මතක නෑ. ඇත්ත ස්වභාවය එළියට එනවා දැන්”

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ නඩු කටයුත්තකට සහභාගී වීම සඳහා ඊයේ (15) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...