රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW :
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණ පරිශ්රය අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති මෙම නඩුව, ශ්රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධ ගුවන් යානා මිලදී ගැනීමේ ක්රියාවලියේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා පිළිබඳව වේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත නාමල් රාජපක්ෂ මහතා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබීය.
එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) මගින් අත්අඩංගුවට ගනු ලැබූ රාජපක්ෂ මහතා, මේ වන විට සැප්තැම්බර් 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.



