මී මැසි ජනපදවලට කෘමි ප්‍රහාරයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කළ පර්යේෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ මී මැසි ජනපදවලට හානි කරන නව කෘමියෙක් කෑගල්ල දිස්ත්‍රික්කයෙ ව්‍යාප්ත වන බවයි.

එම කෘමියා ‘Small hive beetle’ නමින් හඳුන්වන කුඩා කුරුමිණි විශේෂයකට අයත් බවත් ,කෑගල්ල දිස්ත්‍රික්කයේ මී මැසි ජනපදවල මී මැස්සන් සිය වාසස්ථාන අත්හැර දමායන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පසුගිය දිනෙක ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස මෙම කෘමියා හඳුනාගෙන ඇත.

එම කණ්ඩායම මෙරටින් ප්‍රථමවරට මී මැසි ජනපදවලට හානිකරන නව කෘමි විශේෂයක් සොයාගැනීමට සමත් වූ බවයි වාර්තා වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, දැලිවල කෘෂි උපදේශක කොට්ඨාසයේ වැලිගමුව ගමෙහි මී වදයක ප්‍රථම වතාවට එම කෘමියා නිරීක්ෂණය වී ඇති අතර “ස්මොල් හයිව් බීට්ල්” (SMALL HIVE BEETLE) නමින් හඳුන්වන කුඩා කුරුමිණි විශේෂයකට අයත් බව පැවසෙන එම කෘමියා මී මැසි ජනපද තුළට රිංගා මී වද තුළ බිත්තර දමන බවත් , ඉන් උපදින කීටයින් මී පැණි ,පරාග ,මී ඉටි ආහාරයට ගෙන වැඩෙන හෙයින් මී මැස්සන් තම ජනපද හැරදමා යන බව මොවුන් සොයාගෙන ඇත.

කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ නිල්මා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්, එම නව කෘමියා සම්බන්ධයෙන් මී මැසි ජනපද පවත්වාගෙන යන පිරිස් දැනුවත් කිරීම කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පසුගියදා සිදුකෙරුණු අතර, මේ වනවිට එම නව කෘමියා පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ බණ්ඩාරවෙල බිදුණුවැව මී මැසි පර්යේෂණ ඒකකය මගින් පවත්වනු ලබන බව පැවසේ.

මී මැසි ජනපද පවත්වාගෙන යන පිරිස් තමන්ගේ ජනපද පිළිබඳව දැඩි සෝදිසියෙන් සිට එවැනි කෘමී උවදුරක් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙස කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව කියා සිටි අතර , මී පැණි නිෂ්පාදනයට අමතරව මෙරට ආහාර දාමයට පරාගනය තුළින් අතිවිශාල සේවාවක් ඉටු කරන මී මැස්සන් එම නව කෘමියා විසින් විනාශකර දැමුවහොත් මෙරට ආර්ථිකයට හා ස්වයං රැකියාවල නිරත වන්නන්ටද විශාල පහරක් වන බව කෘෂි නිලධාරීන් පවසා සිටියේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...