ජනාධිපතිවරණ ප්‍රචාරණයේ අන්තිම දින දෙක – පිල් මාරු කරනවා නම් ඔන්න දවස් !

Date:

2024 ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතුවල නිරත විය හැකි අවසන් දින දෙක උදා වී තිබේ.

ඒ අනුව අද (17) සහ හෙට (18) යන දින දෙකේදී අපේක්ෂකයින්ට ප්‍රචාරක කටයුතුවල නියැළිය හැකි අතර හෙට මධ්‍යම රාත්‍රී 12.00 ට සියලුම ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතුව ඇත.

මැතිවරණ නීතියට අනුව ඉන් අනතුරුව එළඹෙන දින දෙක නිහඬ කාලය වශයෙන් ප්‍රචාරණ කටයුතුවලින් තොරව පැවතිය යුතු අතර පොලීසිය විසින් සියලු පෝස්ටර්, කටවුට් යනාදිය ඉවත් කළ යුතු ය.

තුන්කොන් සටනක් වශයෙන් පැවති ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයින් කවුරුන්ද යන්න පිළිබඳ මේ වනවිට යම් තක්සේරුවක් පවතින නිසා අවසන් මොහොතේ යම් පිල් මාරුවක් සිදුවිය හැකි බවට කටකතා පැතිර යමින් තිබේ.

විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණය කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන තත්වයක් තුළ මන්ත්‍රීවරුන්ට ඊළඟ මහමැතිවරණය සම්බන්ධයෙන් සිතා තීන්දු තීරණ ගැනීමට සිදුව ඇති බව නොරහසකි.

එසේම පසුගිය දිනවල පක්ෂ මාරු කළ ඇතැම් මන්ත්‍රීවරුන් ද කළකිරීමකින් සිටින බවත් වාර්තා වී තිබිණි.

ඒ අනුව, අවසන් මොහොතේ වෙනත් කඳවුරකට එක්වීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් අද හෝ හෙට දිනයේදී එය සිදුකරනු ඇති අතර එවන් පිමි කිහිපයක් සඳහා සාකච්ඡා වට කිහිපයක් ද පසුගිය දිනවල පැවැත්වී තිබුණු බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...