ජනාධිපතිවරණ ප්‍රචාරණයේ අන්තිම දින දෙක – පිල් මාරු කරනවා නම් ඔන්න දවස් !

Date:

2024 ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතුවල නිරත විය හැකි අවසන් දින දෙක උදා වී තිබේ.

ඒ අනුව අද (17) සහ හෙට (18) යන දින දෙකේදී අපේක්ෂකයින්ට ප්‍රචාරක කටයුතුවල නියැළිය හැකි අතර හෙට මධ්‍යම රාත්‍රී 12.00 ට සියලුම ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතුව ඇත.

මැතිවරණ නීතියට අනුව ඉන් අනතුරුව එළඹෙන දින දෙක නිහඬ කාලය වශයෙන් ප්‍රචාරණ කටයුතුවලින් තොරව පැවතිය යුතු අතර පොලීසිය විසින් සියලු පෝස්ටර්, කටවුට් යනාදිය ඉවත් කළ යුතු ය.

තුන්කොන් සටනක් වශයෙන් පැවති ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයින් කවුරුන්ද යන්න පිළිබඳ මේ වනවිට යම් තක්සේරුවක් පවතින නිසා අවසන් මොහොතේ යම් පිල් මාරුවක් සිදුවිය හැකි බවට කටකතා පැතිර යමින් තිබේ.

විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණය කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන තත්වයක් තුළ මන්ත්‍රීවරුන්ට ඊළඟ මහමැතිවරණය සම්බන්ධයෙන් සිතා තීන්දු තීරණ ගැනීමට සිදුව ඇති බව නොරහසකි.

එසේම පසුගිය දිනවල පක්ෂ මාරු කළ ඇතැම් මන්ත්‍රීවරුන් ද කළකිරීමකින් සිටින බවත් වාර්තා වී තිබිණි.

ඒ අනුව, අවසන් මොහොතේ වෙනත් කඳවුරකට එක්වීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් අද හෝ හෙට දිනයේදී එය සිදුකරනු ඇති අතර එවන් පිමි කිහිපයක් සඳහා සාකච්ඡා වට කිහිපයක් ද පසුගිය දිනවල පැවැත්වී තිබුණු බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...