ජනාධිපතිවරණ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමිට මැර තර්ජනයක්. පහරදීමට තැත්කරලා !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනසෙත පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ එහිමියන්ගේ ආරක්ෂක නිලධාරියාට පරුෂ වචනයෙන් බැනවැදී පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පෙරේදා (15) රාත්‍රියේ අනුරාධපුර නව බස් නැවතුම්පොලේදී සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීලරත්න හිමි ඊයේ (16) උදෑසන අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයා මහජන රැස්වීම් සඳහා ශබ්දවාහිනී උපකරණ සවිකරන අයෙකු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...