*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

අවදානයෙන් ඉන්න.අපේ නමින් ප්‍රචණ්ඩව හැසිරෙන්න පුළුවන්!

කොළඹ LNW:ඉදිරි දින කිහිපය තුළ දුර්වල ප්‍රචණ්ඩ ක්‍රියා නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින හෙයින් ඒ ගැන විමසිලිමත්වන ලෙසත් මාලිමාවේ නමින් තර්ජනාත්මක දුරකථන ඇමතුම පැමිණියහොත් ඒ ගැන වහාම පොලීසිය දැනුවත් කරන ලෙසත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ, අද (17) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

බලයේ සිටින අය මේ මොහොත වන විට බියට පත්ව සිටින සමහර මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය කිහිපයක් මඩ අවලාද නගමින් සිටින බවයි ඔහු කියාසිටියේ.

”මිනිස්සු වෙනදට වඩා මේ පාර ජන්දය දානවා. බලයේ හිටිය අය බියට පත්වෙලා. සමහර මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය කිහිපයක් මඩ අවලාද නගනවා ජාතික ජන බලවේගය ප්‍රචණ්ඩත්වයට යනවා කියලා හුවා දක්වන්න හැදුවා. අරගලේ වෙලාවේ කටුනායක මත්තල වෙච්ච දේවල් දැන් ඒවා වගේ හුවා දක්වන්න හදනවා. සමහර තැන්වල මාලිමාවා ලෙස හැගෙන විදිහට දුරකථනයෙන් කතාකරලා තර්ජනය කරනවා. කරුණාකරලා එහෙම කතාකරනව නම් ඒ අංකය පිළිබද පොලීසිය දැනුවත් කරන්න ඉදිරි දින කිහිපයේදී දුර්වල ප්‍රචණ්ඩ ක්‍රියා නිර්මාණය කරන්න ඉඩ තියෙනවා. මාලිමාවේ ටී ෂර්ට් ඇදගෙන පහරදීම් කරන්න ඉඩ තියෙනවා. ජනතාවගේ බදු මුදලින් ගෙවන සුඛෝපභෝගී ජීවිත අහිමිවන අය කරන වැඩ මේ. එළඹෙන 22 කියන්නේ පශ්චාත් මැතිවරණ සාමකාමීම දිනය. පත්වන නව ජනාධිපති සාමකාමී බව උපරිම ආරක්ෂා කරනවා. අවසානයේ ගහන අන්තිම තුරුම්පුව තමයි ආගම. ජනතාවගේ ආර්ථික ප්‍රශ්නය වහන්න ජනතාවගේ ආගම් භක්තිය භාවිතාකරනවා. සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැග්ග ස්වාමීන් වහන්සේලා තුන්දෙනෙක් මිත්‍යා මත වපුරනවා.

ජාතික ජන බලවේගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය ආරක්ෂා කරනවා වගේම බෞද්ධ ආගම මුල්තැන ලෙස පිළිගන්නවා. අපේ ප්‍රතිපත්ති විවේචනය කරන්න අපි ඒකට එකඟයි. නමුත් කූට ප්‍රකාශ කරන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලලා තියෙනවා. දෙමළ, මුස්ලිම් ජනතාවට දිය නොහැකි පොරොන්දු පෙන්වමින් ඔවුන් රවට්ටනවා.මේ ආර්ථික ප්‍රශ්නයට විසදුම් දෙන්න ඕන. තෙල් ගෑස් විදුලිය අඛණ්ඩව ලබාදෙන බවට අපි සහතික වෙනවා.” යනුවෙන් ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan