ටෲඩෝ ගේ අගමැති ධුරය අවදානමක ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ මෑතකදී පවත්වන ලද මැතිවරණයකින් සිය උපන්බිම වන මොන්ට්‍රියල් දිස්ත්‍රික්කය ඔහුගේ ලිබරල් පක්ෂය පරාජය වීම නිසා විශාල දේශපාලන පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.

එය ඔහුගේ පක්ෂයට මාස කිහිපයක් ඇතුළත සිදු වූ දෙවන ප්‍රබල පරාජයයි.

පසුගිය ජුනි මාසයේදී පැවති මැතිවරණයකින් තවත් ප්‍රබල ලිබරල් කඳවුරක් වූ ටොරොන්ටෝ ප්‍රදේශය අහිමි වූ අතර දැන් ඔවුන් ටෘඩෝගේ උපන් ගම වන මොන්ට්‍රියල් හි ලසාල්-එමාර්ඩ්-වර්ඩුන් මැතිවරණ දිස්ත්‍රික්කයේ ලිබරල්වාදීන් නැවත ප්‍රතික්ෂේප කර ඇත.

මෙම පරාජය 2025 ඔක්තෝම්බර් හෝ ඊට පෙර පැවැත්වීමට නියමිත මීළඟ මැතිවරණයට පෙර ටෲඩෝට ඉල්ලා අස්වීමට කරන ලද බලපෑම වර්ධනය වී ඇත.

ජීවන වියදමේ වැඩිවීම, විදේශීය සිසුන් සහ කම්කරුවන් ඇතුළු තාවකාලික පදිංචිකරුවන්ගේ පැමිණීමේ වැඩිවීම හේතුවෙන් කැනඩාවේ වර්ධනයව ඇති නිවාස අර්බුදය අඩිය නිසා මේ වන විට අගමැතිවරයාගේ ජනප්‍රියත්වය අහිමිවෙමින් පවතින මුත් ටෲඩෝ ඉල්ලා අස්වීමට අදහස් කරන බවට කිසිදු සලකුණක් මෙතෙක් ලැබී නොමැත.

මේවන විටත් ඔහුගේ මන්ත්‍රීවරුන් 154 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ සහය ඇති බව පෙනීයන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...