*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/17

  1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනය බලා ගමන් කරයි. – සැප්තැම්බර් 19 වන දින පැවැත්වීමට නියමිත දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යය උත්සවය සඳහා සහභාගී වීමට ඔහු මෙලෙස එරට බලා යන බව සඳහන් වේ.
  2. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරයි. – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තමන්ව විත්තිකරුවෙකු ලෙස නම් කළ බවට අදාල පෞද්ගලික පැමිණිල්ලකට අදාළව ඔක්තෝබර් 14 වන දින ඔහුට අධිකරණයට පැමිණෙන ලෙස දන්වා තිබුණි.
  3. ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම නුදුරේදීම විස්තීරණ ආර්ථික සහ තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා උසස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. – ඔහු තව දුරටත් සඳහන් කළේ එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඊට බාධා වන අදාළ කමිටු සියල්ල අහෝසි කළ යුතු බවයි.
  4. විදේශ විනිමය අවපාතය හේතුවෙන් වරායෙන් පිටත පවතින නැව් සඳහා ඉන්ධන නැව් ගත කිරීම 4/2 ක් ලබන 23 වන දින ආරම්භ කරයි. නමුත් අප්‍රේල් 12 වනදා ස්වෛරී ණය පැහැර හැරීම ප්‍රකාශ කිරීමෙන් පසු සැපයුම්කරුවන් විසින් කිසිදු ණය පහසුකම් ලබා නොදෙන බැවින් ඉන්ධන ආනයනය කිරීමේ අරගලය තවමත් පවතී.
  5. පාර්ලිමේන්තුවේ වෙනම අයවැය කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.- රජයේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙය පිහිටුවන බව ද සඳහන් කරයි.
  6. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අඛණ්ඩව 23 වැනි වරටත් BMICH හිදී! -දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි 400 කට අධික සංඛ්‍යාවක් මෙහි විවෘතව පවතින අතර සැප්තැම්බර් 25 වැනිදා අවසන් වේ.
  7. 2022 අප්‍රේල් 5 න් පසු මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 631 කින් වැඩිවීමක් ! – පෙර වසරේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවලට වඩා 77% ක වැඩිවීමක් මෙන්ම උද්ධමනය 64% කින් මෙම වසරෙහි ඉහළ ගොස් ඇත. මාස තුනක භාණ්ඩාගාර බිල්පත් අනුපාතය 32.9 % කි. 2022 දෙවන කාර්තුවේ ද -8 4% කින් වැඩිවීමක් සිදුවී ඇත.
  8. මහ කන්නයේ වගාව සඳහා කාබනික පොහොර මෙන්ම රසායනික පොහොර භාවිතා කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි. මේ සඳහා 30% කාබනික පොහොර සහ 70% රසායනික පොහොර භාවිතා කරන ලෙස දන්වා තිබේ.
  9. ශ්‍රී ලාංකේය ගායිකා යොහානි ද සිල්වාගේ “මැණිකේ මගේ හිතේ” ගීතයෙ හි නව හින්දි පිටපත ඇතුළත් “තෑන්ක් ගෝඩ්” හින්දි චිත්‍රපටය එළිදක්වයි! – චිත්‍රපටයෙහි බොලිවුඩයේ අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆතේහි රඟපෑමෙන් දායක වෙයි.
  10. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්! – ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් කණ්ඩායම අනුමත කළ අතර දසුන් ශානක (නායක) විසින් දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර යන අය කණ්ඩායමට යළි කැඳවීමක් සිදු කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan