යළි දේශපාලනයට එන්න – පොහොට්ටු මැති ඇමතිවරුන්ගෙන් ගෝඨාභයට කරදර පිට කරදර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින මිරිහානේ නිවස මේ දිනවල දැඩිලෙස කාර්යබහුල වී තිබෙනවා. පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු සහාය ලබාදුන් පාර්ශ්වය දිනපතා හිටපු ජනාධිපතිවරයා මුණගැසීම සඳහා පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඇතැම් පුද්ගලයන් සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන අතර බොහෝ පිරිසක් යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නැයි ඉල්ලීම සඳහාද මිරිහානේ නිවස වෙත පැමිණෙන බව වාර්තා වේ. විශේෂයෙන් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් ඉතා දැඩිව ඉල්ලා තිබෙන්නේ යළි දේශපාලනයට පැමිණෙන ලෙසයි.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඔහුව අගමැති තනතුරට පත් කිරීමටද මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ දරමින් සිටින අතර ඒ පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය හමුවලදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පවා ඔවුන් කටයුතු කර තිබිණි.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ හැකිතරම් දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටීමයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද 2015 පරාජයෙන් පසුව දේශපාලනයෙන් ඈත්ව සිටීමට උත්සාහ දැරූ නමුත්, ඔහුගේ සමීපතමයන්ගේ දැඩි ඉල්ලීම හමුවේ යළිත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට ඔහුට සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...