*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

යළි දේශපාලනයට එන්න – පොහොට්ටු මැති ඇමතිවරුන්ගෙන් ගෝඨාභයට කරදර පිට කරදර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින මිරිහානේ නිවස මේ දිනවල දැඩිලෙස කාර්යබහුල වී තිබෙනවා. පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු සහාය ලබාදුන් පාර්ශ්වය දිනපතා හිටපු ජනාධිපතිවරයා මුණගැසීම සඳහා පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඇතැම් පුද්ගලයන් සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන අතර බොහෝ පිරිසක් යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නැයි ඉල්ලීම සඳහාද මිරිහානේ නිවස වෙත පැමිණෙන බව වාර්තා වේ. විශේෂයෙන් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් ඉතා දැඩිව ඉල්ලා තිබෙන්නේ යළි දේශපාලනයට පැමිණෙන ලෙසයි.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඔහුව අගමැති තනතුරට පත් කිරීමටද මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ දරමින් සිටින අතර ඒ පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය හමුවලදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පවා ඔවුන් කටයුතු කර තිබිණි.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ හැකිතරම් දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටීමයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද 2015 පරාජයෙන් පසුව දේශපාලනයෙන් ඈත්ව සිටීමට උත්සාහ දැරූ නමුත්, ඔහුගේ සමීපතමයන්ගේ දැඩි ඉල්ලීම හමුවේ යළිත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට ඔහුට සිදුවිය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan