ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය මැඬලීමට UNICEF හරහා ප්‍රංශයෙන් යුරෝ 500,000ක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): ළමුන් අතර ඉහළ යන මන්දපෝෂණය මැඩලීමේ ප්‍රයත්නයන් සඳහා ප්‍රංශය ශ්‍රී ලංකාවට සහය වීමට පියවර ගෙන ඇත.

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය තුළ උග්‍ර වූ ආර්ථික හා සමාජීය ගැටලු රාශියක් හේතුවෙන් ගෘහාශ්‍රිතව ඇති වූ ආහාර අනාරක්‍ෂිතභාවය ඉහළ යාම මධ්‍යයේ මෙම සෞඛ්‍ය ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කරුණක් බවට පත්ව ඇති බව මහ බැංකුව අනාවරණය කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකින් මේ වසරේ රට පුරා උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 15763ක් හඳුනාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.

රටේ ළමුන් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ප්‍රංශය යුනිසෙෆ් හරහා මේ වනවිට යුරෝ 500,000 පරිත්‍යාග කර ඇත.

මෙම දායකත්වය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුනිසෙෆ් ආයතනයට වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබේ. එපමණක් නොව උග්‍ර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්නබව සහතික කිරීම සඳහා නිවැරදි පිළිවෙත් පිළිබඳව දෙමාපියන් සහ භාරකරුවන් දැනුවත් කරනු ලැබේ.

මන්දපෝෂණයට හදිසි ප්‍රතිකාර නොකළහොත් දරුවාගේ ශාරීරික හා සංජානන වර්ධනයට, විශේෂයෙන්ම දරුවාගේ ජීවිතයේ පළමු වසර දෙක තුළදී මරණයට පත් වීම, බොහෝ විට ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා ඇති අවස්ථාවන්ටද අහිතකර ලෙස බලපායි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය මත ඇතිවන දුෂ්කරතා විශේෂයෙන් දිළිඳු සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි කුටුම්භයන් පසුපස හඹා යයි. සාමාන්‍ය සහ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් එවැනි පවුල්වලට ලබාගත නොහැකි බැවින් ඔවුන් මන්දපෝෂණයේ අවදානමට ලක් වේ.

මෙම දායකත්වය මගින් UNICEF සහ එහි හවුල්කරුවන්ට දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 1,500කට උපකාර කිරීමට හැකියාව ලැබේ. දරුවන් අතර මන්දපෝෂණය වැලැක්වීම සඳහා දෙමාපියන්/භාරකරුවන් 200,000ක් වෙත ළඟා වීම ඔවුන්ගේ ඉලක්කයයි.

“ප්‍රංශයෙන් ලැබෙන මෙවැනි දායකත්වයන් මන්දපෝෂණය සඳහා උපකාර අවශ්‍ය ළමුන් සඳහා අපගේ අඛණ්ඩ ප්‍රතිචාරය ඉහළ නැංවීමට මෙන්ම, මන්දපෝෂණය වැළැක්වීමේ පියවර ගැනීමට උපකාරී වන අපගේ ඒකාබද්ධ උත්සාහයන් ඉහළ නංවයි”, යනුවෙන් UNICEF ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...