*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ඩොලර් ගෙනෙන පොල්…

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව ඉදිරියේදී ,  පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරයි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පොල් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟම ශ්‍රී ලංකාව නිෂ්පාදන අභියෝගවලට මුහුණ දෙමින්  සිටී. මන්ද , එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) වැනි ප්‍රධාන වෙළෙඳපොළ වෙත අපනයනය කිරීමේ ගැටලුවලට මුහුණ පෑමට සිදුවීම නිසාවෙනි .

තවද, පොල් හිඟය වර්තමානයේ ශ්‍රී ලංකාව  තුළ දැවෙන ප්‍රශ්නයක් වී ඇති අතර, පොල් කර්මාන්තයේ වර්ධනය ඉහළ නැංවීම සඳහා වැඩි උනන්දුවක් සහ ඒ සඳහා  පර්යේෂණ අවශ්‍ය වේ.

කෙසේ නමුත් මෙම අභියෝග මධ්‍යයේ වුවද ,  ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් ඩොලර් බිලියන 2ක අපනයන ආදායමක් ලබාගැනීමේ  ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වන  බව සඳහන් වේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් අපනයන ආදායම සඳහා විශාල අවස්ථාවක් ඇති බවත්, පසුගිය දෙවසර තුළ වාර්තාගත ඉහළම අගය ඩොලර් මිලියන 836ක් සහ ඩොලර් මිලියන 817ක් බවත් කර්මාන්ත හා වැවිලි අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙම පොල් ආශ්‍රිත නිශ්පාදන  තුළ අපනයන ආදායමේ 20% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. මෑත ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මේ වසරේ ශ්‍රී ලංකාව පොල් ගෙඩි බිලියන 3 ක පමණ  අස්වැන්නක් ලබාගත හැකිවනු ඇති බව අපේක්ෂාවයි .

මෙය පසුගිය වසරේ (2022)  පොල් ගෙඩි බිලියන 3.2 ක වාර්තාවක් සහ පෙර වසරේ (2021) බිලියන 3 ක්  ලෙස ලබාදෙන ඇත. ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලය තුළ ඩොලර් බිලියන 2 ක අවසාන ඉලක්කයක් සහිතව පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 1 ක සීමාව ඉක්මවිය හැකි බව අමාත්‍යවරයා බලාපොරොත්තු  පල කළේය.

ශ්‍රී  ලංකාව මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා පහුගිය වසරේ දෙමුහුන් ප්‍රභේද කෙරෙහි අවධානය යොමු කරමින්,  වාර්තාගත පොල් පැල මිලියන 5.5ක් නිෂ්පාදනය කළේය. තවද දෙවන පොල් ත්‍රිකෝණය නිර්මාණය කිරීමත් සමඟ රටේ දැනට පවතින පොල් වගා සමඟින්, නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීමටද අපේක්ෂා කෙරේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan