පළමුව ග්‍රාමීය ආර්ථිකය දියුණු කළයුතුයි – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රන්න ප්‍රදේශයේ පැවති රැවීමක් අමතමින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ, ග්‍රාමීය ආර්ථිකය  රටේ  ආර්ථිකයට බලපෑමක් එල්ල කිරීමට හැකි පරිදි දියුණු කිරීමට කටයුතු කලයුතු බවයි.

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

” ඉදිරි අයවැය යෝජනා වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ සමග යම් යෝජනා මාලාවක් ලබාදීමට කටයුතු කරනවා.මෙහිදී අප සමෘද්ධිය අඩුම තරමින් තවත් අවුරුද්දකට වඩා ලබාදිය යුතුයි. මොකද මෙයට හේතුව ගම්වල තියෙන ආර්ථික අපහසුතාවයන් එක්ක අස්වැසුම කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම තුල යම්  අසාධාරණයක්  හා පීඩාවට පත් පිරිසක් ඉන්නවා.

ජීවනෝපාය  සංවර්ධනය සම්බන්ධයෙන් යම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ගෘහස්ථ ආර්ථිකය නංවාලීමට  වැඩපිලිවෙලක්  සහිත වැඩසටහනක් ගම තුල ක්‍රියාත්මක කල යුතුයි. ඒ තුලින් ගමේ නිෂ්පාදන ආර්ථිකය  දියුණුකිරීම හා වැඩිකිරීම තුලින් එය ජාතික  ආර්ථිකයට බලපෑමක් ඇතිකිරීමට හැකි වැඩපිලිවෙලක් විය යුතුයි”

ලෙස නාමල් රාජපක්ෂ කියා සිටියේය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...