මාළිගාකන්ද වෙඩිල්ලෙන් මල් කැකුළක් මිලිනවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්, මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදු කර පලා ගොස් ඇති  බව පොළීසිය පවසන්නේ .

වෙඩි තැබීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර , ත්‍රීරෝද රථයක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. එහි සිටි කුඩා දරුවෙක් සහ ඇගේ පියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොළීසිය වාර්තා කරන්නේ.

පසුව තුවාල ලබා රෝහල්ගත කළ දැරිය මිය ගොස් තිබෙන අතර මිය ගිය දැරියගේ වයස අවුරුදු 06ක් බවයි වාර්තා වන්නේ, මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පියා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...