සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුව , සුපිරි හොලිවුඩ් නළුවෙකු වන රසල් බ්‍රෑන්ඩ් ට ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර සහ මානසිකව අපයෝජනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලව වී ඇත.
විදෙස් මාධ්‍ය පවසන්නේ , විකට නළුවෙකු මෙන්ම චරිතාංග නළුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ ඉහළම අවස්ථාවේ සිට වසර හතක් වැනි කාලයක් තුළ දී රසල් එම අපචාර සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලව ඇති බවත් , 2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් හතර දෙනෙකු ට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට චෝදනා ලැබ ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , රසල් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවත්, සම්බන්ධයෙන් සඳහන් වූ තර්ජනාත්මක ලිපි රැසක් ඔහුට රූපවාහිනි නාළිකා සමාගමක් සහ පුවත්පතක් විසින් එවා තිබූ බවත් , ඔහු පවසා ඇති බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇
