සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්, මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදු කර පලා ගොස් ඇති බව පොළීසිය පවසන්නේ .
වෙඩි තැබීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර , ත්‍රීරෝද රථයක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. එහි සිටි කුඩා දරුවෙක් සහ ඇගේ පියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොළීසිය වාර්තා කරන්නේ.
පසුව තුවාල ලබා රෝහල්ගත කළ දැරිය මිය ගොස් තිබෙන අතර මිය ගිය දැරියගේ වයස අවුරුදු 06ක් බවයි වාර්තා වන්නේ, මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පියා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
