චන්ද්‍රිකාට රන් රිදී – නදීශාට ලෝකඩ

Date:

කොරියාවේ ජොන්ජු හී පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර හිටපු ජාතික සූරියන වන රේණු චන්ද්‍රිකා ද සිල්වා රන් පදක්කමක් සහ රිදි පදක්කමක් දිනා ගැනීමට සමත් විය.නදීහා ගයන්ති ය හිමි වුයේ ලෝකඩ පදක්කමකි.
රේණු චන්ද්‍රිකා ද සිලවා අවුරුදු 45 න් ඉහළ කාන්තා අංශයේ කේවල අනුසූරිය වූ අතර යුගල තරගයේ දී ඇය ජර්මණියේ ක්ලොඩියා වොගෙල්ග්සෑන්ග් සමඟ එක්ව යුගල සූරතාවය දිනා ගත්තාය.කේවල අවසාන මහා තරගයේදී චන්ද්‍රිකා පරාජයට පත් වූයේ නෙදර්ලන්තය නියෝජනය කළ ජොර්ජි වැන් සොර්ලෑන්ඩ් අතින්ය.ලකුණු තත්ත්වය 21 – 14 ක් සහ 21 – 13 ක් විය.දෙවන වටයේදී ලකුණු 9 වන තෙක් ලකුණු තත්ත්වය සම මට්ටමක පවත්වා ගෙන චන්ද්‍රිකා දැඩි අභියෝගයක් එල්ල කළ ද,ජොර්ජි ජයග්‍රහණය සඳහා වේගයෙන් පිවිසියේ චන්ද්‍රිකාට තවත් ලකුණු 4 ක් පමණක් ලබා ගැනීමට ඉඩ තබමින්ය.


යුගල තරගයේදී වැඩි අපහසුවකින් තොරව තම සහයක ක්‍රීඩිකාව වූ ක්ලෝඩියා සමඟ එක් වූ චන්ද්‍රිකා විනාඩි 18 දී තරගය නිම කරමින් යුගල සූරතාවයට හිමිකම් කියන්නට සමත් විය.එම තරගයේදී ප්‍රතිවාදීන් වූයේ ජපානය නියෝජනය කළ මිකී ජින් සහ මිකිකෝ ෂිමාඩා ය.ලකුණු තත්ත්වය 21 – 7 ක් සහ 21 – 7 ක් විය.
මේ අතර අවුරුදු 35 න් ඉහළ තරගය නියෝජනය කළ නදීශා ගයන්තිට, අවසාන පූර්ව තරගයේ ලද පරාජය නිසා ලෝකඩ පදක්කමකින් සීමා වෙන්නට සිදු වූවාය.
සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අදහස් දක්වමින් කුන්ග් ය යැන් නෑන් මේ අවස්ථාව හැඳින්වූයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින 2027 ලෝක බැඩිම්න්ටන් සූරතාවලිය සූදානම් කිරීමට මේ අවස්තාව හොඳ අත්දැකීමක් වන්නට ඇති බවය.තරගාවලියට යොනෙක්ස් අනුග්‍රහය එකතු වී තිබුණ අතර විඩිහිටි වුව ද වයසට නොගිය ජවසම්පන්න සිත්වලින් දරා සිටින නිරෝගී සිරුර අවුරුද් 70 න් එපිටට ද විහිදී තිබෙනු දක්නට ලැබීම කැපී පෙණින.


කොරියානු බැඩ්මින්ටක් සංගමයේ ද සහය ඇතිව පැවත් වූ මෙම තරගාවලියට යුරෝපීය රටවල් දක්වන ලද උනන්දුව ඉතා විශාල එකක් විය.තරුණ නොවුණ ද තරුණ ජවය රැදුණු සිරුරුවල බලය විශේෂයෙන්ම අවුරුදු 35 න් ඉහළ වැනි තරගවලදී කැපී පෙණින.
රට ජාත්‍යන්තරයට ගෙන යන්න මෙන්ම ඉතිහාසයෙන් අනාගතයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ලබා දෙන්නට ද ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රිඩකයන් විශාල පිරිසකගේ දායකත්වය මෙම තරගාවලිය සමඟ එකතු වී තිබිණ.කොරියාන් සංවිධානයේ තරුණ තරුණියන් අවස්ථාව හොඳින් සමරන්නටත් පලදායී කරන්නටත් සෑහෙන්න වෙහෙස වී කටයුතු කළ අතර එම සංවිධානයට ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් පමණක් නොව නිලධාරීන්ද අවනත වෙමන් ඊට දැක් වූ අනුකූලතාවය අත් විශිෂ්ඨය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...