*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

රට මේ විදිහට විනාශ උනේ රටට හොඳ පාලකයින් පත් නොකර ගත්ත නිසා – විජයදාස රාජපක්ෂ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

මේ රට විනාශ වූ එකට මාත් වගකිව යුතුයි කියල ඇතමුන් කියනවා.ඒ නිසා වගකීම බාර ගන්න ඕන තැන මම වගකීම බාර ගන්නවා මිස ඒ වගකීම් වලින් මම පලා යන්නෙ නෑ.ඒ නිසා මේ රට විනාශ වෙච්ච එකට මේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න 225විතරක් නෙමෙයි මේ රට මේ දක්වා පාලනය කරපු ඒ සියලු දෙනා වගකිව යුතුයි” – විජයදාස රාජපක්ෂ

විනය තියනකම් ශාසනය පවතින බවත් නීතිය තියන තාක්කල් රටක් පවතින බවත් විනය නැතිවූ දාට ශාසනය විනාශවනවා සේම නීතිය නැති වූ දාට රටත් විනාශවන බව ජනාධිපති අපෙක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ,

බංකොලොත් වෙච්ච රටක බංකොලොත් වෙච්ච පක්ෂ ති‍යෙන රටක බංකොලොත් වෙච්ච අපේක්ෂකයොත් එක්ක මමත් මේ ඡන්දයේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා තියෙනවා.

මේ රට විනාශ වූ එකට මාත් වගකිව යුතුයි කියල ඇතමුන් කියනවා.ඒ නිසා වගකීම බාර ගන්න ඕන තැන මම වගකීම බාර ගන්නවා මිස ඒ වගකීම් වලින් මම පලා යන්නෙ නෑ.ඒ නිසා මේ රට විනාශ වෙච්ච එකට මේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න 225විතරක් නෙමෙයි මේ රට මේ දක්වා පාලනය කරපු ඒ සියලු දෙනා වගකිව යුතුයි.

මේ රට විනාශ කරපු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින්ගෙන් රට විනාශ වෙන එක බේර ගන්න ඕන නිසා මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙනාවා.එතුමාගේ පලමු ධූර කාලයේ එතුමා මේ රට යුද්ධයෙන් බේරගත්තා.නමුත් එතුමාගේ දෙවෙනි ධූර කාලයේ එතුමා කළේ රාජපක්ෂ පවුල පෝෂණය කළ එක විතරයි.ඒ දූෂිත වැඩ නිසා මම එතුමාගෙන් අයින් උනා.

මම 2006 වසරෙ තමයි කිවුවෙ අජිත් නිවාඩ් මහ බැංකුවේ අධිපති වගේම පී.බී.ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරන්න එපා ඔවුන් ආර්ථික ඝාතයන් ලෙස.ඒ නිසා අවුරුදු 16කට පසුව තීරණය කළා මේ අය ආර්ථික ඝාතකයන් කියලා.මම කිවුව දේවල් වැරදිලා නෑ.

ඒ වගේම ජනාධිපතිවරුන්ට එරෙහිව නඩු දාන්න බෑ කියලා තිබුණු නීතිය මම අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා වෙනස් කළා. ඒ නිසා මේ රටේ හිටපු ජනාධිපති 04 දෙනෙකුට වගේම දැන් ඉන්න ජනාධිපතිටත් නඩු දාලා තියෙනවා.

මෙ රට මේ විදිහට විනාශ උනේ අපේ රටට හොඳ පාලකයින් පත් නොකර ගත්ත එක.අපේ රටට පත් කර ගත්ත නායකයො හොරුන් දූෂිතයින් .අපේ රටේ මැති ඇමතිවරු අතර දූෂිතයින් හොරුන් හිටියා.

අපේ රටේ එදා හිටපු උගත් බුද්ධිමත් මේ රටට අවශ්‍ය නායකයින් 03ක් වෙඩි තියල මරල දැම්මා.ඒ අය මැරුවෙ නාදුන තුවක්කුකරුවන් කිවුවට ඒ අය මරන්න එවපු අය හදුනගෙන තියෙනවා.

අපෙන් අහනවා මේ දූෂිතයින් එක්ක එකට හිටියෙ ඇයි කියලා.නමුත් අපි ඒ අතර නොහිටියනම් මේ ආණ්ඩුවල මැති ඇමතිවරුන් කරන හොරකම් දැන ගන්නෙ කොහොමද.ඒ අයට විරුද්ධව කටයුතු කරන්නෙ කොහොමද අපි ඒ තැන නොහිටියනම්”

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව,සේවාගම ප්‍රදේශයේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වුණු රැස්වීමක් අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan