විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී විරෝධතාවයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ (LNW):

අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරතවන වන බව වාර්තා වේ.

ඒ , 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ මතු වූ ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පල කරමිනි.

එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණු බව සඳහන් වේ. ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිව තිබෙන බව පැවසේ.

මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ගෙන්වා ඇති බවද සඳහන් වේ . මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල විය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් පැමිණිලි ඉදිරිපත් වූ පසුබිමකයි.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළ අතර, පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට ආරම්භයට ටික වේලාවකට පෙර සමාජ මාධ්‍ය වෙත මුදා හැරී බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ද විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රශ්න පත්‍රය සාමාජ මාධ්‍යයට මුදා හැරි බව කියන විභාග නිරීක්ෂකයා ඇතුළු 6 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවවිභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසටචීත්තේට මන් තුරුල් කරගෙන...

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...