අපේ ප්‍රතිපත්තිගරුක බව නිවටකමකට ගන්න එපා – නාමල්

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරතවන අතර එම ප්‍රතිපත්තිගරුක බව නිවටකමකට නොගන්නා ලෙස ප්‍රතිවාදී පාර්ශව වෙත අවධාරණය කරන බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තමන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන හෙයින් අනෙක් අයගේ ඕපා දූප කතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

” අපේ පාක්ෂිකයින්ට එලව එලව ගහපු අවස්ථා තිබුණා. හැබැයි අපි පාක්ෂිකයා අතහැරලා ගියේ නැහැ. එදා විපක්ෂය කියන්න බැලුවා රාජපක්ෂලා හැංගිලා ඉන්නේ කියල. අපි කවදාවත් හැංගිලා හිටියේ නැහැ. අපි හැංගෙන්නෙත් නෑ. හංගන්නත් බෑ. යම්කිසි කෙනෙක් හිතනවා නම් බය කරලා අපිව හංගන්න ,නවත්වන්න පුළුවන් කියල ඒක වැරදිලා. අපි මඩ ගහන්නේ නෑ. බනින්නේ නෑ. මොකද අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපි සියලු දෙනාම ප්‍රතිපත්තියක් එක්ක කටයුතු කරන්නේ. අපිට රට හදන්න සැලැස්මක් තියෙනවා. අනෙකාගේ ඕප දූප කතා කළා කියල ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. අපේ වෙදිඅකාවේ අනෙක් අයගේ පවුල් විස්තර කිව්වා කියල මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ කියල අපි දන්නවා. ඒ නිසා තමයි අපි වැඩපිළිවෙලක් ගැන කියන්නේ. අපි ප්‍රතිපත්තියකට දේශපාලනය කරනකොට අපේ ප්‍රතිපත්තිගරුක බව නිවටකමකට අවතක්සේරු කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා.” යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...