ජපානයට සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

Date:

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් කියුෂු දූපතට ළඟා විය හැකි සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීම් කර ඇති බව වාර්තා වේ. මෙය නන්මඩෝල් ටයිෆූන් ලෙස හැඳින්වෙන් අතර අද (18) දින කියුෂු දූපතට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සුළගේ වේගය පැයට කිලෝමීටර 270 (පැයට සැතපුම් 168) දක්වා ළඟා විය හැකි අතර සමහර ප්‍රදේශවලට මිලිමීටර් 500 (අඟල් 20) වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ. මේත් සමඟ නායයෑම් සහ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් කර ඇති අතර දිගු දුර දුම්රිය සේවා සහ ගුවන් ගමන් අවලංගු කර ඇත.

කියුෂුහි සමහර නිවාස කඩා වැටීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇති ඒජන්සිය, ශක්තිමත් ගොඩනැගිලිවල රැකවරණය ලබන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා තිබේ. මිලියන 13ක් වන කියුෂු වැසියන් බොහෝ දෙනෙක් මේ වන විටත් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවද වාර්තා වේ. 2018 වසරේ පුද්ගලයන් 14දෙනෙකුට මරු කැඳවූ ජෙබි සුළි කුණාටුව හා 2019 පුළුල් ලෙස විදුලිය විසන්ධි කළ හගිබිස් සුළි කුණාටුව යන දෙකටම වඩා නන්මඩෝල් ටයිෆූන් දරුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සුළි කුණාටුව ගොඩබිමට පැමිණි පසු, එය ඊසාන දෙසින් හැරී මධ්‍යම ජපානය හරහා ටෝකියෝ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...