මට ගනුදෙනු කරන්න වෙලා තියෙන්නෙ ජීවිත එක්ක, මේක සෙල්ලං නෑ – කෙහෙළිය

ඖෂධ හිගය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දෛනිකව බළධාරීන් සමග සාකච්ඡා පවත්වන බවත්, ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

වෙනත් අමාත්‍යංශය මෙන් නොව තමාට ගනුදෙනු කිරීමට සිදුව තිබෙන්නේ රටේ ජනතාවගේ ජීවිත සමග බවත්, එබැවින් තමාගේ විෂයපථය අතිශය බැරෑරුම් බවත් ඇමතිවරයා පවසනවා. පාරක්, ගොඩනැගිල්ලක් වැනි ඉදිකිරීම් කටයුත්තක් අසාර්ථක වුවහොත් සාර්ථක කර ගැනීම සඳහා යළිත් අවස්ථාවක් ලැබෙන නමුත් ජීවිත සම්බන්ධයෙන් එවැනි තත්වයක් නොමැති බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යංශවල රාජ්‍ය ආයතනවල වසර ගණනාවක් තිස්සේ පැවති ක්‍රමවේද වෙනස් කිරීම එතරම් ලෙහෙසි කටයුත්තක් නොවන බවත්, වෙනසක් සඳහා පළමු පියවර තැබීම අතිශය අමාරු කටයුත්තක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරනවා. අමාරුවෙන් හෝ වෙනස්කම් සිදුකළ යුතු බවත් එසේ නොමැතිව ඉදිරියට යා නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...