රැජිනට අවසන් ගෞරව දක්වන්න පෝලිම පැන්න පුද්ගලයෙක් අධිකරණයට

Date:

දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම පසුගිය සිකුරාදා වාර්තා විය.

අදාල පුද්ගලයා පෝලිමෙන් පැන, වෙස්ට්මින්ස්ටර් ශාලාවට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී පොලීසියට හසු වී තිබෙනවා.

මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති අතර ඒ මහජන සාමය කඩකිරීමේ චෝදනාව මතයි.

මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වෙන්කර ඇති අවසන් දිනය අද වන අතර බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව විදෙස් ජාතිකයන්ද විශාල පිරිසක් තවමත් පෝලිම්වල රැඳී සිටී. මේ වනවිට දිගු පෝලිම් දක්නට ලැබෙන අතර රැජිනගේ දේහය තැන්පත් කර ඇති වෙස්මින්ස්ටර් ශාලාව වෙත පැමිණීම සඳහා අවම වශයෙන් පැය 15 ක් වත් පෝලිමේ රැඳී සිටීමට සිදුව ඇත.

රැජිනගේ අවසන් කටයුතු හෙට දිනයේදී පැවැත්වෙන අතර මේ වනවිටත් රාජ්‍ය නායකයන්, රාජකීය පවුල්වල සාමාජිකයන් සැළකිය යුතු ප්‍රමාණයක් එංගලන්තය වෙත පැමිණ සිටිනවා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ලන්ඩනය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : පුවත ඇසීමට මෙතනින්...