මිනුවන්ගොඩ නීල් පාතාල නායකයා නිදහස් කිරීමට රාජපක්ෂලාගෙන් බලපෑම් !

Date:

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් පෙරේදා (16) මිනුවන්ගොඩ ප්‍රදේශයේ යොදවා තිබුණු මාර්ග බාධකයකදී මිනුවන්ගොඩ නීල් නම් පාතාල නායකයකු සෝදිසි කිරීමට ලක්කර ඇති අතර එහිදී ඔහු සතුව තිබී 9 mm වර්ගයේ පිස්තෝලයක් හමුවී ඇත. එම පිස්තෝලය සඳහා බලපත්‍රයක් ඔහු සතුව පැවති නමුත් එහි සඳහන් ප්‍රමාණයට වඩා වැඩියෙන් උණ්ඩ 7ක් ඔහු සන්තකයේ තිබී හමුව ඇති බව සඳහන්.

ඒ අනුව STF නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුවත් රැගෙන ඔහුගේ නිවස සෝදිසි කිරීමට ගොස් ඇති අතර එහි තිබී බෝර 12 වර්ගයේ තුවක්කුවක් හමුවී තිබේ. එම තුවක්කුව සඳහා ද බලපත්‍රයක් තිබී ඇති නමුත් එහි සඳහන් ප්‍රමාණයට වඩා වැඩියෙන් උණ්ඩ 10ක් ඔහුගේ නිවසෙන් හමුවී ඇත.

එම භාණ්ඩත් සමග ඔහුව කටුනායක පොලිසියට භාරදීම සඳහා STF නිලධාරීන් විසින් රැගෙන ගොස් තිබේ. ඒ වනවිට කටුනායක පොලිසියට දුරකථන ඇමතුම් ලබාදී ඇති හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ සහ එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා වන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන අය ඔහුව මුදාහරින ලෙස පොලිසියට බලපෑම් කර ඇති බව වාර්තා වේ.

ඔවුන් සියලු දෙනාම පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙකී නීල් නමැත්තේ තමන්ගේ හොඳම ආධාරකරුවකු බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝලයකු බවත් ඒ නිසා ඔහුව වහාම මුදාහරින ලෙසත් ය.

ඉන්පසුව STF නිලධාරීන් පැමිණ කටුනායක පොලිසියට එම පාතාල නායකයාව භාරදීමට සැරසෙද්දී එම පොලිස් ස්ථානයෙහි සේවයේ යෙදී සිටි නිලධාරීන් ඔහුව භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත. STF නිලධාරීන් දිගින් දිගටම කළ කරුණු දැක්වීම හමුවේ මඟහැර සිටීමට නොහැකි නිසා අවසානයෙහි කටුනායක පොලිසියේ නිලධාරීන් මිනුවන්ගොඩ නීල්ව භාරගෙන ඇති නමුත් ඔහු සන්තකයේ තිබී හමුවුණු භාණ්ඩ කිසිවක් නොමැතිව, පහසුවෙන් ඇප මත නිදහස් වීමට හැකිවන පරිද්දෙන් ඔහුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් වාර්තා විය.

පසුගිය මාස කිහිපය තුළ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීමේ සිදුවීම් විශාල ගණනාවක් වාර්තා වී තිබිණි. පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ අපරාධත් වැඩිවෙමින් පවතී. ඒ අතරේ ජනතාව හමුවේ අපකීර්තියට පත් දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සුපුරුදු පරිදි පොලිසිය නටවමින් නීතිය නැවීමට කටයුතු කිරීම යනු පවතින අර්බුද තවත් උඝ්ර කරවන තත්වයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එහෙයින් පොලිස්පතිතුමනි, මහජන ආරක්ෂක ඇමතිතුමනි, ඔබ මේ සිදුවීම ගැන දන්නේද ? නොදන්නේ නම් දැන් හෝ මේ ගැන අපක්ෂපාතී විමර්ශනයක් කරන්නේද ? දේශපාලනය සහ පාතාලය ගහට පොත්ත මෙන් බැඳී ඇති බවත් දේශපාලනඥයින් හමුවේ පොලිසිය දෙකට නැවෙන බවත් නැවත නැවතත් ජනතාව හමුවේ ඔප්පු කිරීමට යාම කාටවත් කිසිසේත්ම හොඳ දෙයක් නොවේ. ඒ අනුව, ඔබ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර දෙස අපි සියල්ලන්ම විමසිල්ලෙන් බලා හිඳින්නෙමු …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...