ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියන්න ඇමති වෘත්තීය සමිති 35ක් කැඳවයි!

Date:

කොළඹ LNW:විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් අතර හමුවක් සිදුව තිබුණි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබුණු අතර වෘත්තීය සමිති අදහස් හා යෝජනා එහිදී ඉදිරිපත් කර තිබුණි.

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය, නව විදුලිබල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාල නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව, මානව සම්පත් විගණනය සහ සේවකයන් අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය, විශ්‍රාම වැටුප් සහ සේවක වරප්‍රසාද පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙල, සංවර්ධන නියෝජිත ආයතන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති සහය, විදුලිබල මන්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශය පිහිටුවීම, යෝජිත නව සමාගමේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ව දැනුවත් කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ ප්‍රධානියා ද සහභාගී වී තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...