Tuesday, October 3, 2023
spot_img

Latest Posts

පාසලක ගිනි අවි තිබිලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාතර මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලක ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබියදී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවට තොරතුරු හෙලිවී ඇති අතර, එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20ක්, මි.මී.3.2 උණ්ඩ 24ක්, මි.මී. 9 උණ්ඩ 107ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට පොලීසියට හැකි වී ඇත.

එහි තිබී TNT බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා නූල් කිහිපයක්ද වැඩිදුර සෝදිසි කිරීමේදී සොයාගෙන ඇති අතර, පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.