2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ (LNW):

වෙනත් යල කන්නවල දී මෙන් නොව, 2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර , මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් දක්වා ඉහළයාම නිසා රටට අවශ්‍ය වාර්ෂික සහල් ප්‍රමාණය සපුරා ගැනීමට ප්‍රමාණවත් වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටී.

අපේ රටේ මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 200,000කි.

ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ වේ.

පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක වී අස්වැන්නක් ලැබීම හා මෙවර යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.6ක වී අස්වැන්නක් ලැබීම නිසා මෙම වසරේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5.8ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.

එමගින් නිෂ්පාදනය කර ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 03 ඉක්මවනු ලබන බවත් , මේ හේතුවෙන් වසර ගණනාවකින් පළමුවරට මෙරට සහල් අතිරික්තයක් මෙම වසර තුළ වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජය විසින් පොහොර සහනාධාරය ලබා දීම මෙන්ම පොහොර මිල අඩුවීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි නව බීජ විශේෂ හඳුන්වා දීම හා නව තාක්ෂණික ක්‍රම හදුන්වා දීම නිසා ඇතැම් වී වගා කලාපවලින් ඉහළම අස්වැන්නක් වාර්තා කර තිබෙන බව සඳහන් වේ.

නිදසුන් ලෙස හම්බන්තොට, උඩවළව, අම්පාර, පොලොන්නරුව හා රත්නපුර යන ප්‍රදේශවලින් හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 12 ඉක්මවා ලැබී තිබෙන බව පෙන්වා දේ.

මේ නිසා මෙම වර්ෂය තුළ සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව සඳහන් කළ අමාත්‍යවරයා මෙවර යල කන්නයේ දී ගංවතුර නිසා හෙක්ටයාර් අක්කර ලක්ෂයක් පමණ වගා හානි සිදු නොවිනි නම් අස්වැන්න මීටත් වඩා ඉහළයාමට ඉඩ තිබු බව ද පෙන්වා දෙනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...