මැතිවරණ රජාකාරී සඳහා පොලීසියෙන් 63000 ක්.පොලිස් විශේෂ කාර්ය බලකායත් සිවිල් ආරක්ෂක නිලධාරීනුත් එක් වෙයි!

Date:

කොළඹ LNW:මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63000කට අධික ප්‍රමාණයක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 2500ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් 12000ක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඡන්ද මධ්‍යස්ථාවල ආරක්ෂාව ඇතුළු මැතිවරණ කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට කටයුතු කරන අතර ජංගම මුර සංචාර 3083ක් සිදුකිරීමට නියමිත බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙය සුළු වශයෙන් වෙනස් විය හැකි නමුත් ඒ සඳහා පොලිස් නිලධාරීන් 12400කට අධික ප්‍රමාණයක් අනුයුක්ත කර ඇති බව සඳහන්.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 449ක් ලැබී තිබෙන බවත් මේ වන විට පුද්ගලයන් 108ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් තල්දුව මහතා පවසයි.

මැතිවරණ දිනයේදී හා මැතිවරණ දිනයෙන් පසුව මාර්ග බාධක යෙදවීමට නියමිත අතර මේ සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂකාර්ය බළකා නිලධාරීන් යෙදවීමට නියමිතයි.

එමෙන්ම කැරලි මර්දන කණ්ඩායම් ස්ථාපිත කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

දැනට විදුලි බලාගාර ඇතුළු පොදු ස්ථානවල රාජකාරි සිදුකරන පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබෙන බවත්, එම ස්ථානවලට යුද හමුදා නිලධාරීන් යෙදවා තිබෙන බවත්, මේ සඳහා නිලධාරීන් 3000කට අධික පිරිසක් රාජකාරියේ යොදවා සිටින බවත් ඔහු කියාසිටියි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව පිහිටා තිබෙන පරිශ්‍රයට විශේෂ ආක්ෂාවක් ද සපයා දී තිබේ.

ඡන්ද පැවැත්වෙන දින ඡන්ද මධ්‍යස්ථාන අවට කණ්ඩායම් වශයෙන් රැස් වීමේ අවස්ථාවක් නොමැති අතර අනවශ්‍ය ලෙස කටයුතු කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි තල්දුව මහතා පවසන්නේ.

මත් පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථාවලට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බවත්, පිහිතල වැනි ආයුධ රැගෙන පැමිණිය හොත් අත්අඩංගුවට ගැනීමට පවා සිදුවන බවද ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...