විලියම්ගේ පන්දුවේ සහයට ටොම් – සහ විලියම්සන්ගෙ උපරිම සහයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 19, (LNW) කොළඹ :

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව පළමු ඉණිමට ලබා ගත් ලකුණු 305 වෙනුවට නවසීලන්තය කඩුු 4 ක් දැවී ලකුණු 255 ක් රැස් කර ගෙන සිටිනවා.පලමු දිනයේ දී කඩුලු 7 ට ලකුණු 302 ක් වූ ශ්‍රී ලංකා ඉණිම අද (සැප්තැම්බර් 19) දින තරගය ඇරඹි ඉතා සුළු වේලාවකින් සියල්ල දැවී ලකුණු 305 ක් බවට පත් වුණා.ඊට ප්‍රධාන වශයෙන්ම දායක වූ විලයම් ඔරුර්කේ සිය තෙවන ටෙස්ට් තරගයේදීම ඉණිමක කඩුලු 5 ක් ලැබීමේ දෙවන අවස්ථාව උදා කර ගනිමින් ශ්‍රී ලංකාවේ කඩුලු 5 ක් ලකුණු 55 ට දවා ගන්නට සමත් වුණා.


නවසීලන්ත ඉණිමේ මුල් කඩුල්ල ලෙස ලකුණු 63 ක් එක් වූ අතර ටොම් ලේතම්ට වඩා මන්දගාමී වූ ඩොවොන් කොන්වේ ලකුණු 17 ට දැවී ගියා.දැනට නවසීලන්ත ඉණිමේ වැඩිම ලකුණුලාභියාව සිටින ටොම් ලේතම් ලකුණු 77 ක් ලබා ගත් අතර කේන් විලියම්සන් ලකුණු 55 ක් රැස් කරන්නට සමත් වුණා.ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 73 ක් එකතු කරනු ලැබුවා.ලකුණු 39 ක් ලැබූ රචින් රවීන්ද්‍ර සමග නැවතත් කේන් විලියම්සන් ලකුණු 51 ක සබඳාවයක් එකතු කළ අතර මේ වන විට නැවත සිවිවන කඩුල්ල ලෙස රචින්ගේ කඩුල්ල නවසීලන්තයට අහිමි වූ 196 සිට, අර්ධ ශතකය ඉක්ම වූ නොබිදි සබඳතාවයක් පස්වන කඩුල්ලට නැවත එකතු කරමින් ඩැරිල් මිචෙල් නොදැවී ලකුණු 41 ක් ද,ටොම් බ්ලන්ඩෙල් නොදැවී 18 ක් එම කඩුල්ලේ සබඳතාවය ලකුණු 55 ක් දක්වා ඉහළට ගෙන ඇවිත් තිබෙනවා.


ශ්‍රී ලංකාව නසීලන්තයට අහිමි කළ කඩුලු 4 න් දෙකක්ම මේ වන විට දවා ගෙන තිබෙන්නේ නායක ධනංජය ද සිල්වා යි.ඔහු ලකුණු 31 ට එම කඩුලු 2 දවා ගෙන ඇති අතර රමේෂ් මෙණ්ඩිස් ලකුණු 69 ට සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 99 ට කඩුල්ල බැඟින් දවා ගෙන තිබෙනවා.
මේ ඡායාරුපයට අනුව දැක ගත හැක්කේ කුසල් මෙණ්ඩිස් විසින් කේන් විලයම්සන් දවා ගන්නට රැක ගත් අවස්ථාවයි.
ලකුණු පූවරුව (දැනට) https://es.pn/3XnPZ2c

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...