හම්බන්තොට වාරයේ ටෙන්ඩර් වංචාවක් ගැන හිටපු ඇමති රෝහිතගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් නියෝග!

Date:

කොළඹ LNW:ටෙන්ඩර කැඳවීමකින් තොරව හම්බන්තොට වරායේ කඩා ඉවත් කළ කළු ගල් ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබේ.

හම්බන්තොට වරායේ කඩා ඉවත්කල කළුගල් ඉවත්කිරීම ටෙන්ඩර් කිරීමකින් තොරව ලබාදෙන බව පවසා රුපියල් මිලියන 20ක මුදලක් ලබාගෙන එම ටෙන්ඩරය ලබානොදී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව උක්ත නියෝගය නිකුත් කර ඇත.

2021 වසරේ ජනවාරි මස 5වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් පැමිණිලිකරුව හම්බන්තොට මාගම්පුර වරායට රැගෙන ගොස් අදාළ කළුගල් තොගය පෙන්වා මිල ගණන් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව අත්තිකාරමක් ලෙස තමන්ගෙන් රුපියල් මිලියන 20ක මුදල ලබා ගත් බව හුංගම බටඅත දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම පැමිණිලිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාග වෙයි.

පැමිණිල්ලට අනුව රුපියල් මිලියන 20ක අත්කාරම් මුදල් ලබාගැනීමෙන් පසු පැවති රජය වෙනස්වීම නිසාවෙන් එම කළුගල් ටෙන්ඩරය ලබාදීමට හැකිවි නැති බවත් එම අත්තිකාරම් මුදල නැවත චෙක්පතකින් ලබාදීමට කටයුතු කලත්, එම චෙක්පත මුදල් නොමැති ගිණුමකින් ලබා දී ඇති බැවින් චෙක්පත අගරු වූ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ⁣තලංගම හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු ලෙසින් පෙනීසිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පසුව ඔහුව ඇපමත මුදා හැර ඇත.

වසර කිහිපයක් පුරා මෙම නඩුව විභාග වන නමුත් සිද්ධියට සම්බන්ධ මුල් පැමිණිල්ලේ සඳහන් අනෙක් තැනැත්තන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැති විම හේතුවෙන් මුල් පැමිණිල්ලේ නම සඳහන්ව ඇති බව කියන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...