අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇත්තේ නීත්‍යානුකූලවයි – අල්ලස් කොමිසමෙන් නිවේදනයක් !

Date:

අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා 2014 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා වශයෙන් සිටියදී තම දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමේදී අවිධිමත් ආකාරයට කටයුතු කර ඇති බවට අල්ලස් කොමිසමට ලැබී තිබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.

කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ විධානය පරිදී දූෂණ විරෝධි පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් මේ සම්බන්ධව සිදුකළ බවත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දී කඩිනමින් විමර්ශනය කළ බවත් එම නිවේදනයෙහි සඳහන්.

ඒ අනුව අදාළ විමර්ශනයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ කොළඹ පිහිටි එම විද්‍යාලයෙන් වාර්තා කැඳවා ඇති අතර අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත මාර්ගෝපදේශ මත අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන්ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බවද නිරීක්ෂණය වූ බවද අල්ලස් කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන් හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුව නොමැති බව කොමිෂන් සභාව තීරණය කළ බවද අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...