චම්පිකගෙන් ළඟදීම නව මධ්‍යස්ථ දේශපාලන බලවේගයක්. 113 ගන්න සැරසෙයි

Date:

ඉදිරි කාලය තුළ නව දේශපාලන බලවේගයක් රටට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමා ඉදිරියේදී සමගි ජන බලවේගය එක්ක මේ ගමන යනවාද ?

“අපි බලනවා ඉදිරි කාලයේදී මේ රටට ගැලපෙන, මධ්‍යස්ථ, ඒ වගේම ප්‍රායෝගිකව වැඩක් කරන්න පුළුවන්, මේ රටේ විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ පිරිස්වල සහ තරුණ පරපුරේ විශ්වාසය දිනාගත්ත දේශපාලන පක්ෂයක් රටට හඳුන්වලා දෙන්න. සමගි ජන බලවේගයේ පිරිසකුත් ඊට සම්බන්ධ වෙයි කියලා හිතනවා”

ප්‍රශ්නය – ඒ කියන්නේ අලුත් පක්ෂයක් හදන්නයි යන්නේ ?

“පක්ෂයක් කියන්නේ … දැන් මිනිස්සුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා අද රටට අවශ්‍යයි පාර්ලිමේන්තුව තුළ මධ්‍යස්ථ බලවේගයක් මේ රට වෙනස් කරන්න. පළමුව එළියේ තියෙන මහජන මතය පාර්ලිමේන්තුව තුළ මැතිවරණයකින් තොරව කරන්න පුළුවන් නියෝජනයක් අවශ්‍යයයි. පාර්ලිමේන්තුවේ දැනට 108ක් විපක්ෂයේ ඉන්නවා. ඒක 113 කරගන්න ඕනෙ. ඊට පස්සේ අපට පුළුවන් වෙනවා වැදගත් ගමනක් ඉදිරියට යන්න රාජපක්ෂවරුන්ගේ හිරකාරයෙක් නොවී”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...