ආරක්ෂක කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට වැන්ග් යී රුසියාව බලා පිටත් වේ

Date:

උපායමාර්ගික ආරක්ෂාව හා උපදේශන පිළිබඳව සාකච්ජා කිරීමට චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන වැන්ග් යී රුසියාව බලා යාමට සුදානම් වන බව චීනයේ විදේශ අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

මෙහිදී යුක්රේන යුද්ධය පිළිබඳව සාකච්ජා කිරීම මුලික වශයෙන් සිදු කිරීම අපේක්ෂා කෙරෙන අතර රුසියානු මාධ්‍ය පැවසුවේ වැන්ග් මහතාගේ සංචාරය නුදුරේදීම ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ චීන සංචාරයට ද මග පාදනු ඇති බවයි.

මෙය සිදු වන්නේ පුටින් මහතා උතුරු කොරියාවේ කිම් ජොන් උන් හමුව ඔවුන් ආයුධ ගනුදෙනුවක් සිදු කළ හැකි බවට පැතිර යන සැක සංකා මධ්‍යයේය. මෙම වසර මුලදී වෑන්ග් මහතා අවසන් වරට මොස්කව් වෙත ගොස් පුටින් මහතා හමුවූ අවස්ථාවේදී ඔහු විසින් යුක්රේනයේ සාමය වෙනුවෙන් කරුණු 12කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කරන ලදී.

චීනය විසින් රුසියානු බලශක්ති අපනයන මිල දී ගැනීම්, රුසියාව සමඟ ගනුදෙනු වලදී මිලිටරි ද්‍රව්‍යන් සම්පාදනය කරන බවට ඇමරිකා එක්සත් ජනපදය විසින් චෝදනා කරන අතර චීනය එවැනි චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් අවධාරණය කර ඇත්තේ යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් මැද මාවතක ගමන් කරන බවයි.

සශිකලා මධුෂාණි -outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...