සුන්දර වචන දාපු ප්‍රතිපත්ති ප්‍රකාශ වලට ජනතාවගේ අනාගතය විනාශ කරන්න ඉඩ දෙන්න බෑ – ඩලස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසන වචන කිසි පදනමක් නැති බවත් , ඔහේ හිතුමතේ තමන්ගෙ හිතට එන එක කියවන බවත් , නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

තවදුරටත් ඔහු පැවසූවේ ජනාධිපතිවරයා  ලෝබ නැතිව ලාබෙට හීන විකුණමින්  සිටින බවයි.

ඒ පිළිබඳ  අදහස් දැක්වූ  ඩලස් අලහප්පෙරුම මහතා…..

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන වචන  කිසි පදනමක් නෑ .ඔහේ හිතුමතේ තමන්ගෙ හිතට එන එක කියනවා.ඔහු ලෝබ නැතිව ලාබෙට හීන විකුණ මින්  ඉන්නවා. මම ඔබට එක උදාහරණයක් පෙන්වන්නම් . මේ මගේ අතේ තියෙන්නෙ දෙදහසේ 2015 සැප්තැම්බර් 28 වැනිදා දිවයින පත්‍තරය..මේකෙ තියෙනවා මෙන්න මෙහෙම කතාවක් ,
“අනාගත පරපුරට ණය ගෙවන්න වන්නේ නැහැ 2020 දී  රට ණය බරින් නිදහස්…….
කවුද මේ කතාව කියන්නේ
එවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ 70 හැත්තෑ වන සංවත්සරය අමතමින් …..

මෙහෙම කියපු රනිල් වික්‍රමසිංහ මේ ඊයේ පෙරේදා ආයි කියනවා 2048 රට සංවර්ධිත රාජ්‍යයක් ණය ගෙවලා ඉවර කරපු ස්වර්ග රාජ්‍යයක් බවට පත් කරනවා කියලා..

එදිනෙදා තමන්ගේ දේශපාලන වේල පිරිමහ ගන්න මේ වගේ කතා කරමින් ඉදිරියට යන බවක් තමයි අපිට පේන්න  තියෙන්නේ….. කිසි වැඩපිළිවෙළක් නැහැ. රටේ තියන ප්‍රශ්නය අඳුනගෙනත් නෑ ..මේ රටේ රොග මූලය ,
මව් ප්‍රශ්නය අද වෙනකන් රනිල් වික්‍රමසිංහ අදුනගෙන නෑ …ඔහේ කියවමින් හීන විකුණමින් සිටිනවා ……

කිසි කෙනෙක් රෝග මුල් හොයාගන්න   උත්සාහයක් නෑ . විපක්ෂයත් එහෙමයි.සන්ධාන දේශපාලනය හැමදාම කතාව වුණේ කවුද අගමැති කවුද අධ්‍යාපන ඇමති කවුද ආරක්ෂක ඇමති ඒවගේ  දේවල් ..

ඒවා කතා කරන වෙලාවක් නෙමෙයි මේක.
මේ රටට බලපාපු හැබෑ ප්‍රශ්න අඳුනගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් සොයන එකඟතාවක් ඇති කර ගන්නැයි විපක්ෂය කටයුතු කරන්න ඕන .
ඒකට ප්‍රායෝගික උදාහරණයක් ඉන්දීය විපක්ෂයේ පසුගිය සති දෙක ඇතුලේ පෙන්නුවා .

සුන්දර වචන දාපු ප්‍රතිපත්ති ප්‍රකාශ වලට  ජනතාවගේ අනාගතය විනාශ කරන්න ඉඩ දෙන්න බෑ ඉතිහාසයේ  හැමදාම මේක කලා

අලුත්ම කතාව තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් ඔහුගේ මාමා වන ජේ ආර් ගේ රෝග ටික වැළඳිලා .
අද සැප්තැම්බර් 17  ජේ ආර් ගේ උපන්දිනය දවස මේ කතාව කියන්න වීමත් කණගාටුවක් .ජේ ආර් ජයවර්ධන  ජනාධිපතිවරයාට   මැතිවරණ භීතිකාව තිබුණා.

අධිකරණයත් එක්ක ගැටුම් ඇති කිරීමේ රෝග තිබ්බා .
ජේ ආර්ගේ තිබු  මේ වගේ විවිධ රෝග  ජේ ආර් ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් බෝ වෙලා තියෙන්නෙ.රනිල් වික්‍රමසිංහත් මැතිවරණ වලට බයයි .election fobia එක රනිල් ට  වැළඳිලා. තියෙන්නේ  මෙහෙම ගියොත් මේ රටට අනාගතයක් නෑ.

ඊටත් වඩා බය හිතෙන හිතට දැනෙන කතාවක් මං මේ කියන්නෙ. අද මේ රටේ ආරක්ෂාවක් නෑ මර බිය සමාජගත වෙලා ඉවරයි. ඒකට හොඳම සංඛ්‍යාලේඛන ටිකක් මං ඉදිරිපත් කරන්නම්.

පැය දාහතරකට වරක් එක්කෙනෙක් වෙඩි තියලා මරනවා . පැය තුනකට වරක්  එක් පුද්ගලයෙක් බැගින් සියදිවි නසාගන්නවා. දවසකට උගත් තරුණ තරුණියො 300ක් රට දාලා යනවා. මේ තත්ත්වය ඇති කළේ කවුද
මේ සංඛ්‍යාලේඛන ටික එක දිගට ලියල බලන්න
මේකෙන් හිතට දැනෙන්නෙ මොකක්ද .
මහා භයානක තත්ත්වයක් නේද ඉදිරියේදී මැවෙන්නේ .

රෝ බිය තියන රටක
මර බිය තියෙන රටක
කන්ඩ නැතුව  මිනිස්සු ඉන්න රටක
අනාගතය ගමන් කරන්නේ මොන දිශාවටද කියලා හොඳට හදුනාගන්න  පුළුවන් මේකෙන් …..

යැයි  ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...