ජන්ද ගණන් කිරීම කෙරෙන හැටි මෙන්න!

Date:

කොළඹ LNW:තැපැල් ඡන්ද ගණන් කිරීම හෙට (21) ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7.00ට පමණ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදා තිබෙන අතර පළමුව ඡන්ද පෙට්ටිවල තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම සිදුකෙරෙන බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ.

ඉන් පසු එක් එක් අපේක්ෂකයාට ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කර එය ඡන්ද ප්‍රදේශ මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සකස් කිරීම සිදුකෙරෙයි.

මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් සමස්ත ප්‍රතිඵලය ගණනය කරනු ලබන අතර කිසියම් අපේක්ෂකයෙකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් හෝ පනස් එකක් ලැබී ඇත්ද යන්න බලා එසේ ලැබී ඇත්නම් ඒ අවස්ථාවේ දී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් කෙරෙන බවත් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරන බවත් රත්නායක මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...